මේ වෙද්දී ස්වේච්ඡා ගිනි නිවන භටයින් තිදෙනෙක් ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙක් මේ ගින්න නිසා මිය ගිහිල්ලා තියනවා.
ඕස්ට්‍රේලියාව පුරා මේ බුර බුරා නැගෙන ගින්දර මැද්දේ ගණන් කර ගන්න බැරි තරමේ අහිංසක සතුන් ප්‍රමාණයක් මියගිහිල්ලා තිබුණා. නිකන්ම නෙමෙයි පන පිටින්ම ගින්නට හසුවෙලා.
ඒ අතරේ ගින්නෙන් පස්සේ ඉතුරු වුන අහිංසක සතුන්ගේ මළ සිරුරු වල ඡායාරූප වගේම ගින්නට හසු වෙන්නේ නැතුව අමාරුවෙන් පන බේරගන්න දුවන අහිංසකයන්ගේ ඡායාරූපත් ලෝකය පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ පණ තියන හැම කෙනෙක්ටම තත්පරයකට දෙකකට හුස්ම ගන්න බැරි අපහසුවක් පපුව ඇතුලේ හිර කරන ගමන් කිව්වොත් හරි.
ඒවා බලපු හැමෝම දුක් වුණා, ඇඬුවා, අනේ කියලා හීල්ලුවා. ඒත් ලෝකේ තැන තැන්වල හිටපු අපිට දෙවියන්ට කතා කරනවා හැරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් තිබුනේ නෑ.
ඒ අතරතුර තමන් ඇඳ හිටපු ඇඳුම ගලවලා ලැව් ගින්නෙන් සතෙක් බේරගන්න වෙහෙසුණු කාන්තාවකගේ පුවතක් අපි ඔබට ඊයේ දිනයේ කිව්වා.
කොහොම වුණත්, ඒ සංවේදී වීඩියෝවත් එක්ක මේ වෙද්දි වසර 8ක් පමණ ඉපැරණි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන් අරන් තියනවා.
මේ වීඩියෝව ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න හා සම්බන්ධ එකක් බව බොහෝ දෙනා කිව්වත්, ඇත්තටම ඒක එහෙම නෙවෙයි.
කොයි තරම් ඉපැරණි වුණත්, ඒ වීඩියෝව ගැන ආයෙම කතාබහක් ඇති වෙන්න හේතුවක් තියනවා.
ඕස්ට්‍රේලියාව වෙළාගත් ලැව්ගිනි ඇතුළේ සතුන් වෙනුවෙන්ම වුණු මිනිසුන්ගේ මනුස්සකම ලෝකයක් සංවේදී කරන්නට සමත් වීමයි ඒ හේතුව. ඒ කියන්නෙ තමන්ගේ ජිවිතේ ගැනවත් නොසිතා සතුන් වෙනුවෙන් ඔවුන්ව ජීවත් කරවන්න තනන මනුස්සකම දන්න මිනිසුන්.
තප්පර ගණනක මේ වීඩියෝව තුළ වලස් පැටවෙකු සුරතල් කරන මිනිසෙකු දකින්නට ලැබෙනවා. මිනිසා ඒ පැටවාගෙන් ඉවත් යන්නට තැනුවත් වලස් පැටවා ඒකට ඉඩ දෙන්නෙ නැහැ.
ට්විටර් ඔස්සේ සංසරණය වෙන්න ගත්තට පස්සෙ, මේ වීඩියෝව ලොව පුරා මිලියන ගණනින් නරඹලා තිබුණා. ඒ විතරක් නෙවෙයි. බොහෝ පිරිසක් මේ වෙනුවෙන් සංවේදී සටහන් අමුණලා තිබුණා.
නිශ්චිත තොරතුරු නොවුණත්, වීඩියෝවේ දැක්වෙන විදිහට මේ වලස් පැටවාව පුද්ගලයා විසින් ගින්නකින් මුදවාගෙන තිබෙනවා.
"එම පැටවා තමා බේරාගත් මිනිසාව අත් නෑර ඉන්න අපූරුව" යනුවෙන් බොහෝ දෙනෙක් මේ සංවේදී වීඩියෝ පටය හුවමාරු කරගෙන තිබුණා.
"ඒක හරිම සිත්ගන්නා සුළුයි. ඒ වගේම සංවේදීයි. ඔබ එක සැරයක් බැලුවොත් ආයෙම බලන බව විශ්වාසයි.." යනුවෙනුත් ඇතැම් පිරිස් සටහන් කර තිබුණා.
සත්තු කවදාවත් බොරුවට ආදරය කරන් නෑ කියලා කියනවනේ. ඉතින් මේ වීඩියෝව බලන ඔබටත් යන්තමින් හෝ ඒ වග දැනෙන්න ගනිවී.
ලොවක් සංවේදී කළ එම වීඩියෝව පහතින් බලන්න..... VIDEO