Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
"එයාව දාලා මම ලංකාවට එනවා, ඊට පස්සේ ධර්මය පැත්තට යොමුවෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව..." - අනුරාධා පෙරේරා

- "එයාව දාලා මම ලංකාවට එනවා, ඊට පස්සේ ධර්මය පැත්තට යොමුවෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව..." - අනුරාධා පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views

" ඒවා ගැන ලෝබකමක්, තණ්හාවක් ඔවුන්ට තිබ්බේ නැහැ..."

"මම විවාහ වෙලා වැඩි කාලයක් හිටියේ විදේශගත වෙලා..."

මම අවුරුද්දකට සැරයක් පුතත් එක්ක ලංකාවට එනවා. පුතාට නිවාඩු ලැබෙනකල් බලන් ඉඳලා ඉඳලා තමයි මේ සැරෙත් ලංකාවට ආවේ. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු චාමික කුමාර රචනා කරපු ගීතයක් ගායනා කරන්න සූදානමින් ඉන්නවා. ඒ ගීතය ගායනා කරන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ලංකාවෙන් යන්න කලින් එය රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.


ඔබට ලොකු කාලයක් ලංකාවේ රැඳෙන්න ලැබුණේ නෑ නේද?
විවාහ වුණාට පස්සේ අවුරුදු දහහතක්ම ඩුබායිවල හිටියේ සැමියා එක්ක. මම කැනඩාවට ගිහින් දැන් අවුරුදු හතරක් වෙනවා. පුතා කැනඩාවේ ඉගෙන ගන්නවා. එයා ඉගෙන ගන්නකල් තමයි මම එහේ රැඳිලා ඉන්නේ.

ඊට පස්සේ ලංකාවේ පදිංචියටම එනවද?
මම කොයි වෙලාවෙද ලංකාවට එන්නේ කියලා බලාගෙන ඉන්නේ. පුතා විශ්වවිද්‍යාලයට ගිය ගමන් මම ආයෙමත් ලංකාවට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඔබ මේ රටේ හිටපු සුවිශේෂී ගායන ශිල්පියකුගේ (ෂෙල්ටන් පෙරේරා) දුවක්. ඔබේ පියාගේ ගීත රස විඳපු, තාමත් රසවිඳින රසික පිරිසක් ඉන්නවා. දියණිය විධියට පියාගේ ගීත සුරක්ෂිත කරගන්න ඔබ කටයුතු කරන්නේ කොහොමද?
මුල් කාලේදී සතිශ් අයියා (සතිශ් පෙරේරා) හිටපු නිසා ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් මට දැනුණේ නැහැ. දැන් අයියා අපි අතර නැහැ. තාත්තාගේ ගීත සංරක්ෂණය කරනවා කියලා ලොකු දේවල් දැනට අපි කරන්නේ නැහැ. තාත්තාගේ ගීත පුළුවන් හැමවෙලාවකදීම රසිකයන් අතරට ගෙනියන්න තමයි දැනට මගේ එකම බලාපොරොත්තුව. තාත්තාගේ ගීත අමතක වෙන්න නොදී ඒ ගීත හැමදාමත් රසිකයන් අතර තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. තාත්තාගේ ගීතවලට ආදරය කරන හැමෝම ඒ ගීත බෙදාහදා ගන්නවා නම් මම කැමැතියි. තාත්තාගේ ගීත අපිට විතරයි කියලා හැඟීමක් නැහැ. තාත්තාගේ ගීතවලට බොහෝදෙනෙක් ආසයි. ඒ අය තාත්තාගේ ගීත ගායනා කරලා ඒ ගීත රසවිඳලා තමන්ගේ කරගෙන ඉන්නවා නම් මම වඩා කැමැතියි.

තමන්ගේ පියාගේ ගීත තමන්ට අයිති කරගන්න ඇතැම් දූ දරුවෝ මහන්සි වෙනවා. නමුත් ඔබ ඊට වඩා වෙනස් විධියට හිතනවා වගේ?
පරණ කලාකරුවන් කියන්නේ 'ඒවා මගේ’ කියලා දේවල් බදාගත්ත අය නෙවෙයි. මිල්ටන් අංකල්ලා, ජෝති අංකල්ලා එයාලගේ ගීත ගායනා කරලා ඒවා රසවින්දා. ඒවා ගැන ලෝබකමක්, තණ්හාවක් ඔවුන්ට තිබ්බේ නැහැ. මගේ තාත්තාගේ ගීත කියලා ගීත ටික අරගෙන අපි කොහොමද ඒ දේවල් ගැන ලෝබකම්, තණ්හාවන් ඇති කරගන්නේ. මගේ තාත්තා ගායනා කරපු ගීත රසිකයන්ට රසවිඳින්න දුන්නා. පොදු ජනයාම ඒ ගීත රසවිඳලා ඒ ගීතවලට ආදරෙන් ඉන්න එකට තමයි මම කැමැති. හුඟක් අය අපෙන් අහනවා තාත්තාගේ ගීත ගායනා කළාට කමක් නැද්ද කියලා. යම් දෙයකට ආධාර පිණිස තාත්තාගේ ගීත ගායනා කළොත් අපිට දෙන්න අහන මුදලත් ඒ පින් දහම්වලට යොදාගන්න කියලා මම කියන්නේ.

ඔබේ පියා ගායනා කළ ගීත තාමත් රසිකයන් අතර පැවැතීම ගැන දියණිය විධියට ඔබට මොකද හිතෙන්නේ?
තාත්තාගේ හැම ගීතයක්ම අවුරුදු පනහකට, හැටකට වඩා පරණයි. අදටත් තරුණ අය පවා තාත්තාගේ ගීතවලට ආදරය කරනවා. තාත්තා තමන්ගේ ගීත හදවතින්ම කළේ. ඒ ගීත අපිට තාම දැනෙනවා. හිතලා මතලා බොහොම ආදරෙන් ගීත නිර්මාණය කළ නිසා තමයි අදටත් ඒ ගීතවලට හැමෝම ආදරය කරන්නේ. තාත්තගේ නමට තාම බොහෝ අය ගරු කරනවා. තාත්තාට තාත්තාගේ ගීතවලට පොදු ජනතාව මේ තරම් ආදරය කිරීම ගැන හරිම අහිංසක සතුටක් දැනෙනවා.

තාත්තා කවදාහරි කැමැති වුණාද දරුවෝ සංගීත ක්ෂේත්‍රයට එකතු වෙනවට?
මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. අයියලා ගීත ගායනා කරනවට නම් තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තට හරි වුවමනාවක් තිබ්බා මට සංගීතය උගන්වන්න. අපි සංගීතය හරි විධියට ඉගෙන ගන්නවට තාත්තා කැමැති වුණා. මොකද තාත්තා ඉන්දියාවේ ඉගෙනගෙන විශාරද උපාධි අරගෙන තිබුණේ. මට ඇහිලා තියෙනවා තාත්තා අම්මත් එක්ක නිතරම කියනවා පොඩි දුවව ඉන්දියාවේ යවලා උගන්නන්න ඕනේ කියලා. පිරිමි ළමයි කලා කටයුතු කරනවට තාත්තා කැමැති වුණේ නැහැ. සතිශ් අයියත් අහම්බෙන් වගේ කලා කටයුතුවලට යොමු වුණේ.

තාත්තා මඟ පෙන්වපු නිසාද ගායනයට ඔබ යොමු වුණෙත්?
මම සංගීතය ඉගෙන ගන්නවට තාත්තා කැමැති වුණා. තාත්තා නැති වුණාට පස්සේ තාත්තාගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕනේ කියලා හිතලා අම්මා මාවයි අක්කවයි ඉන්දියාවේ භාත්ඛණ්ඩයට යැව්වා. එතකොට සංගීතය ඉගෙන ගන්න ඕනේ කියලා ලොකුවට හිතලා තිබ්බේ නැහැ. නමුත් සංගීතය ඉගෙන ගන්න ගියාම තමයි ඒ විෂයේ සුන්දරත්වය ඇත්තටම දැනුණේ. නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණෙත් අහම්බෙන්. නමුත් මම සංගීතය සහ නිවේදන කටයුතු ආසාවෙන් කළා.

සංගීතය පිළිබඳ එවැනි හැදෑරීමක් කරලා ඔබ සංගීතයට වෙන් කරන කාලය ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
කොහෙත්ම නැහැ. මම හරි විධියට කලා කටයුතුවලට කාලය වෙන් කළේ නැහැ. මම වෘත්තීයමය වශයෙන් ගායිකාවක් හෝ නිවේදිකාවක් ලෙස කටයුතු කළේ නැහැ. මට අවස්ථාවක් ලැබුණොත් මම සද්දේ නැතුව ගිහින් ගීත ගායනා කරලා එනවා. ගායන ක්ෂේත්‍රය ඇතුළේ මට ලැබෙන දෙයක් වුණත් මම හරි පරිස්සමෙන් භාරගෙන කළ කෙනෙක්. ඒ නිසා මම හිතනවා මම හරි විධියට කලාව කළ කෙනෙක් නෙවෙයි. මම විවාහ වෙලා වැඩි කාලයක් හිටියේ විදේශගත වෙලා. ඉතින් එහෙම ඉඳලත් මට මෙච්චර හරි නමක්, තැනක් තියෙන එකට ස්තුතිවන්ත වෙන්න ඕන. මම උනන්දු වෙලා මේ ක්ෂේත්‍රයේ හිටියා නම් තවත් ඉදිරියට යන්න තිබුණා.

මේ වෙනකොට ඔබේම ගීත කොතරම් ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවද?
මම මේ වෙනකොට ගීත ඇල්බම් තුනක් කරලා තියෙනවා. ගිය වසරෙත් ලංකාවට ඇවිත් ගීත තුනක් නිර්මාණය කළා.

අනුරාධා පෙරේරා කියන ඔබට ආදරය කරන පිරිස ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මම මහන්සි වෙලා මේ ක්ෂේත්‍රයේ දෙයක් නොකළත් මගේ හඬට, මගේ ශෛලියට, මගේ ගීතවලට ආදරය කරන බොහෝදෙනෙක් ඉන්නවා. දැන් මට හිතෙනවා මට ආදරය කරන රසික පිරිස වෙනුවෙන් තවත් දේවල් කරන්න තිබුණා කියලා. මට ආදරය කරන පිරිසක් ඉන්න එක ගැන අවංකවම සතුටුයි.

පුතා ගායනයට ළැදිද?
එයා ගීතයක් කියද්දී එයාට දක්ෂකමක් තියෙනවා කියලා මට තේරෙනවා. හැබැයි එයා සංගීතය පැත්තෙන් ඉදිරියට එන එකක් නැහැ කියලා හිතෙනවා. එයාට ගීත ගායන හැකියාව තිබෙනවා. එයා ගිටාර් වාදනයත් කරනවා. මම එයාට කිසිදෙයකට බල කළේ නැහැ. එයා කැමැති දෙයක් තෝරගෙන ඉදිරියට යන්න ඉඩ දුන්නා. එතැනදී එයා සංගීතය, කලාව තෝරාගත්තේ නැහැ.

මොනවද ඉදිරිය ගැන සැලසුම්?
මම සැප්තැම්බර් මාසේ මුල ලංකාවෙන් යනවා. නැවත ලබන අවුරුද්දේ ජූලි මාසේ මුල වගේ ලංකාවට එනවා. පුතා විශ්වවිද්‍යාලයට යනකල් ඉඳලා තමයි කැනඩාවේ ඉඳන් ලංකාවට එන්නේ. මම ජීවිතෙන් බාගෙකට වඩා හිටියේ රටින් පිට. ලංකාවට ආවට පස්සේ මට මීට වඩා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඊට අමතරව ධර්මය පැත්තටත් යොමුවෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top