Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
29
"අනිත් ප්‍රේමවන්තයෝ වගේ අතන මෙතන රස්තියාදු වෙන්න මට ඕන වුණේ නැහැ, ඒ නිසා විවාහ වුණා.." - රෝහණ බැද්දගේ - Photos

- "අනිත් ප්‍රේමවන්තයෝ වගේ අතන මෙතන රස්තියාදු වෙන්න මට ඕන වුණේ නැහැ, ඒ නිසා විවාහ වුණා.." - රෝහණ බැද්දගේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"ගුරුන්නාන්සේලා බෙරගහන්න ආවම මමත් බෙර ගැහුවා. එතකොට මම ගොඩාක් පුංචියි..."

"අපි කුප්පි ලාම්පු එළියෙන් තමයි පාඩම් කළේ.."

මේ දවස්වල එහෙම විශේෂ දෙයක් කරන්නේ නැහැ. ගෙදර පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. රටේ පවතින වාතාවරණයක් එක්ක අපි හැමෝම හිරකරලා වාගෙයි ඉන්නේ. අපි හරියට ඉන්නේ නිවාසඅඩස්සියේ වගෙයි. වැඩක් කරන්න විදිහක් නැහැ.


මේ දිනවල රටේ පවතින වාතාවරණය අලලා ඔබ ගීතයක් නිර්මාණය කළා කියලා ආරංචි වුණා. ඒ ගීතය ගැන යමක් කිව්වොත්?
ඇල්ලේ ගුණවංශ හිමි පසුගිය දවසක එක්තරා වැඩසටහනකදී මේ කාලේදී කලාකරුවන්ට වැඩ නැහැ. මේ කාලයේ සාහිත්‍ය ගොඩනගන්න ඕනේ කියලා කිව්වා. ඒ කතාව අහලා මම සින්දුවක් ලියලා ඒක හාමුදුරුවන්ට දුරකතනයෙන් කතා කරලා කිව්වා. හැබැයි පදරචනා කළාට තාම ඒක පටිගත කිරීමක් කළේ නැහැ.

ඔබේ උපන්ගම හොරණ.. ඔබේ ළමා කාලයෙ ගැන මතකය අවදි කළොත්?
ඔව්... මම ඉපදුණේ හොරණ උඩුව කියන ගමෙයි. අදට වඩා ඒ කාලේ උඩුව ගමේ තිබුණු පරිසරය හාත්පසින්ම වෙනස්. අද තියෙන ගමයි, එදා තිබුණු ගමයි සිහියට නැගුණහම ලොකු වෙනසක් දැනෙනවා. ඒ කාලේ ගෙවල් ටිකයි, ගුරැපාර තිබුණා. අපේ ප්‍රධාන ජීවිකාව වුණේ ගොවිතැනයි. අපේ පරපුරේ උප්පැන්න සහතිකයේ පවා ලියලා තියෙන්නේ රැකියාව ගොවිතැන කියලයි. ඒක තමයි අපේ ප්‍රධාන ජීවිකාව වුණේ. ඒ කාලේ තිබුණු නිදහස, පරිසරයේ තිබුණු අපූරුවත්වය අද නැහැ. අද හැමදෙයක්ම සංකීර්ණ වෙච්චි, ශබ්ද දූෂණ වෙච්චි, ගමක් වෙලා. අපේ වත්තේ ඉස්සර තිබුණේ ගෙවල් තුනයි. අපේ ගෙදරයි, මහප්පගේ ගෙදරයි. ආතාලැගේ ගෙදරයි. දැන් වෙනකොට ඒ වත්තෙම ගෙවල් තිහක් විතර තියෙනවා. ඒකයි ඒ කාලෙයි අද කාලෙයි වෙනස් වෙන්නේ. එදාට වඩා හතර පස් ගුණයකින් අද සමාජය වැඩි වෙලා.

ඔබේ පවුලේ කීදෙනෙක් හිටියද?
මගේ පවුලේ පස්දෙනයි.. මම පවුලේ හතරවෙනියා.. මම මුලින්ම පාසල් ගියේ මගේ ගමේ ඉස්කෝලේටයි. ඒ උඩුව කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හැදෑරැවා. මගේ අක්කලා ඉගෙන ගත්තේ බාලිකා පාසලකයි. ඒ කාලේ පාසල් අධ්‍යාපනයත් හරිම සුන්දරයි. අද වගේ ඒ කාලේ විෂයට හිරවෙච්චි කාලයක් තිබුණේ නැහැ. අපි හැමදේම ඉගෙන ගත්තා. ගොවිතැනුත් කළා. ඒ කාලේ දෙවන ලෝක යුද්ධ සමයයි. අපි හැමෝම ගොවිතැනට මුල්තැනක් දුන්නා. මට තාම මතකයි කුරුඳුවත්ත පොලිසිය ළඟ තිබුණු තාප්පයක “අල්ලක් වවා මල්ලක් පුරවමු කියලා ලොකු අකුරෙන් ලියලා තිබුණා. ඒ වාක්‍ය මට තාම සිහිනයක් වගේ මතකයි. ගොවිතැනට ලොකු තැනක් දීලා තිබුණා. ඒකාලේ ඉස්කෝලේ දී මගේ වෙනම පාත්තියක් තිබුණා. ඒකට හැමදාම සාත්තු කළා. ගමේ ඇවිදලා ගොම ඇහිදලා ඒ පාත්තියට දැම්මා. ඒවගේ නිදහස් කාලයක් තිබුණේ. ඒ අධ්‍යාපනය හරි හොඳයි.

කලාව උරුම වුණ පරපුරක් ඔබේ නෑදෑ පරපුර අතරේ හිටියා නේද? ඔබ නර්තන ගුරුවරයෙක් වුණේ කොහොමද..?
අපේ ගමේ මඩු දෙවොල් නටනවා. අපේ අතාලා තමයි ඒවා කළේ. ඒ නිසා ඒ ඇසුරින් අපිට ඒවා කරන්න පුළුවන් වුණා. ගුරුන්නාන්සේලා බෙරගහන්න ආවම මමත් බෙර ගැහුවා. එතකොට මම ගොඩාක් පුංචියි. මට තාම මතකයි එක ගුරුන්නාසේ කෙනෙක් මටත් බෙරයක් හදලා ගෙනත් දුන්නා. ඒවාගේ ඒක අපිට ආභාෂයක් වුණා. දැකලා බොහෝ දේවල් ඉගෙනගත්තා. නටනවා දැකල නැටුවා, බෙර ගහනවා දැකලා බෙර ගැහුවා. ඒ විතරක් නෙමේ කතුරු ඔන්චිල්ලා, රබන් සෙල්ලම් අපේ ගමේ තිබුණා.
ගොයම් කපන්න කුඹුරට ගියාම කවි කියපුවා, සීසානකොට, මඩවනකොට, කවි කියපුවා, අඩහැර කියපුවා මට තාම මතකයි. ඒවා මගේ ජීවිතයට සම්බන්ධයි. මම කමතේ වැඩ කරද්දී මමත් කවි කිව්වා. පැල් රැක්කා, කරත්තෙ යද්දී මම කවි කිව්වා. මට තාම මතකයි ඉස්සර අපේ ගමේ පොල් කඩලා කරත්තවලින් කිරිවත්තුඩුව පොළට ගිහින් පොල් විකිණුව කාලය. එතකොට මම පොඩියි. වයස අවුරුදු දහයක් දොළහක් ඇති කරත්තය දක්වන්න මට බැහැ. හැබැයි කරත්තේ පැත්තේ වාඩිවෙලා යනවා. මඟ නැවතිලා කඩේකින් හකුරු කෑල්ලක් එක්ක කහට තේ කෝප්පයක් බීලා යන ගමන හරි විනෝදයි. ඒ කාලේ ජීවිතය හරි රස ලෝකයක්. අපිට ඒ කාලේ පශ්චත්තාපවෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපි ගමේ නිදහසේ ජීවත් වෙච්චි අය.

අද කාලේ වගේ ඒ කාලේ විදුලියක් කොහෙන්ද? නේද?
මොන විදුලියද..? අපි කුප්පි ලාම්පු එළියෙන් තමයි පාඩම් කළේ. රෑට ගේකින් තවත් ගේකට ගියේ පොල්අතු හුනස්සක් පත්තු කරගෙනයි. ගුරු පාරවල් තිබුණේ. වත්තෙන් වත්තට පොඩි අඩිපාරවල් දිගේ තමයි ගියේ. හැමදාම රෑට ඈතින් පෙනුණේ දුම් අත්තක් පත්තු කරගත්තු ගැමියෙක්. එහෙමත් නැත්නම් ගේක පත්තුවෙන කුප්පි ලාම්පු අඬ එළිය විතරයි. ඒ හැර මුළු පරිසරයම මහ අන්ධකාරයි.

ඔබේ මුල්ම ගුරු පත්වීම ලැබුණේ කොහෙටද..?
මගේ මුල්ම ගුරුපත්වීම හොරණ කුළුපණ පාසලටයි. ඒ නර්තන ගුරුවරයෙක් විදිහටයි. ඉස්සර මම තක්ෂිලාවේ ඉගෙන ගනිද්දී හය වසරෙන් ඉහළට නැටුම් හෝ සංගීතය විෂයක් හැටියට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවානේ. මම මාරුවෙන් මාරුවට නැටුම් සහ සංගීතය දෙකම ඉගෙන ගත්තා. අපි රූ දොළහ එක වෙනකන් කුප්පි ලාම්පු පත්තු කරගෙන විභාගයට යන්න කලින් ඉස්කෝලේ නැටුම් නැටුවා. ඒ අමතර ඉගැන්වීම්වලට අපෙන් කවදාවත් ගුරුවරු සල්ලි ගන්නේ නැහැ. ගුරුවරු ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ ගොඩාක් කැපවුණා. ඒ නිසාම මමත් නර්තන ගුරුවරයෙක් විදිහට කැපවෙන්න තීරණය කළා.

ඔබට නර්තනය වගේම ගීත ගැයීමේ හැකියාවක් තිබුණනේ..?
ඔව්.. ගීත ගැයීම මම අමුතුවෙන් ගිහින් ඉගෙන ගන්න ඕන වුණේ නැහැ. අපිට ඒ හැකියාව වෙළේ, කමතේ, ඔන්චිල්ලාවේ, රබන් සෙල්ලමේ, මඟුලු ගෙදර අෂ්ඨක කීමෙන් නිරන්තරයෙන්ම අපේ ජීවිතවලට සම්බන්ධ වුණා. ඒවා අපේ හිත්වල රැඳුණා. ඉස්සර අපිම කතුරු ඔන්චිල්ලාව බැඳගෙන කවි කිය කියායි ඒවා පැද්දේ. මගේ ජීවිතය ඒවාත් එක්කමයි සම්බන්ධ වුණේ. නැටුම් අවසාන විභාගයට පයින් මම හේවුඩ් කලායතනයට ඇතුළත් වෙලා වයිලීනය ඉගෙන ගත්තා. ඊට පස්සේ මනමේ නාට්‍ය යද්දී එදිරිවීර සරච්චන්ද්‍ර මහතා මාව හඳුනාගෙන තිබුණා. ඒ නාට්‍යයේ මම බටනලාව වාදනය කළා. ඒ හරහා ගුවන් විදුලි වැඩසටහන්වලට ඉදිරිපත් වෙලා වාදනය කළා. අමරදේව මහත්මයාගෙන් මම සංගීතය ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ගුවන්විදුලියේ පර්යේෂණ අංශයේ “මගේ රත්තරන් හෙලේනා ගීතය ගායනා කළා. ඒකෙන් තමයි මාව මිනිසුන් අතරට ගියේ.

ඊට පස්සේ ඔබ ගැයූ ගීත කිහිපයක්ම එකදිගට ජනප්‍රිය වුණා...?
ඔව්.. ඊට පස්සෙත් මම පර්යේෂණ අංශයේ ගීත කිහිපයක් ගායනා කළා. ඒ අතරින් “මල්සරා බැල්ම හෙලා, “කොස්වතු කන්දේ රොසලින් නැන්දා, වගේ ගීත මම ගායනා කළා. ඒ ගීතවලින් තමයි රෝහණ බැද්දගේ කියන ගායකයාව මිනිසුන් දැනගත්තේ. නමුත් අද ඉන්න ප්‍රසිද්ධ ගායකයින් අතර මම නැහැ. මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ප්‍රසිද්ධියටත්, ජනප්‍රියත්වය පස්සේ දුවන කෙනෙක් නෙමේ. මල් ගැන අද බොහෝ දෙනෙක් ගීත කිව්වට 1974 දී මම කියපු “දෑසමන් මලක් වගේ ගීතය අදටත් සමහරුන්ට මතකයි. එහෙම අතීතයක් මට තියෙනවා.

ඔබ නාට්‍යවල සංගීතය සැපයූ කෙනෙක්?
දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නාට්‍යවල මම රඟපෑවා, සින්දු හැදුවා, නැටුම් හැදුවා, ගජමන් පුවත, මධුර ජවනිකා, ජසයා සහ ලෙන්චිනා ඒ වගේ නාට්‍යවල මම වැඩ කළා. දයානන්ද ගුණවර්ධන මහත්තයා නරිබෑනා නාට්‍යයට මාව වාදනයට බඳවා ගත්තා. මම දවසක් තක්ෂිලාවේ උගන්වලා කළුවර වැටුණු හැන්දෑවක ගෙදර යද්දී දැවැන්ත මනුස්සයෙක් අපේ මිදුලේ ඉන්නවා දැක්කා. ඒ දයානන්ද ගුණවර්ධන මහත්තයායි. අපේ ගෙදරට ඒමත් හරි දුෂ්කරයි. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දයානන්ද මහතාට කෝලම් ඇසුරේ නාට්‍යයක් කරන්න කියලා තිබුණා. ඒකෙදී දයානන්ද මහතාට මාව මතක්වෙලා සංගීතයයි, නැටුමයි කරන්න කියලා බාරදුන්නා. මම ඒක මුලින්ම අපේ ගමේ කට්ටියත් එක්ක එකතුවෙලා ඒ කෝලම් නාට්‍යය නටලා ඒ පිටපත ඔහුට දුන්නා. ඔහු ඒ පිටපත වේදිකා නාට්‍යයක් කළා. ඔහු කළගුණ දත් පුද්ගලයෙක් ද කියලා කියනවා නම් ඒක ගුවන් විදුලියේ රෙකෝඩ් කරද්දී “රෝහණ බැද්දගේ මහතාගේ උපදෙස් පරිදි දයානන්ද ගුණවර්ධන මහතා විසින් සකස් කරන ලදී කියලා තිබුණා. අදටත් ඒ බොහෝ නාට්‍ය පෙන්නනවා. කිසිකෙනෙක් මගේ නම සඳහන් කරන්නෙත් නැහැ. මට ඒ ගැන දුකක් නැහැ.. හැබැයි මගේ හිතට ඒ දේවල් ගැන තියෙන්නේ ලොකු සතුටක්.   

මාමායි බෑනයි මුණගැසීමත් හරි අපූරුයි නේද..?
බන්දුල මුණගැහුණට පස්සේ අපි බොහෝ දේවල් කතා කළා. බන්දුල තමයි මට කිව්වේ දෙන්නා එකතුවෙලා ගීතයක් කරමු කියලා. ඒනිසා මම ගීතය ලිව්වා. මම චරිත දෙකක් අරගෙන කතාවක් ලිව්වා. ඉතින්.. ගුවන් විදුලියේ පරීක්ෂණ අංශයේ “මියැසිය වැඩසටහනේ මේක රේකෝඩ් කළා.. මේ ගීතය නිසා අපට එක්තරා රූපවාහිනි නාලිකාවකටත්  කතා කළා. හැබැයි අපේ කිසිම සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා රූපවාහිනි නාලිකාවේ  කැන්ටිමේ මුදලාලිගේ සරම් දෙකක් ඇඳගෙන අපි දෙන්නා ඒක රෑපගත කළා. ඒක තමයි තාමත් රූපවාහිනියෙත් විකාශනට වෙන්නේ. ඒ ගීතය ලිව්වෙත් හදිස්සියෙයි. ඒක පටිගත කළෙත්, රූපගත කළෙත් හදිස්සියේයි.. හැබැයි තාමත් ඒක මිනිසුන් අතරේ තියෙනවා.

“පළිඟු මැණිකක්" ටෙලි නාට්‍යයේ ගුරැන්නාන්සේ, “කන්දෙගෙදර ටෙලි නාට්‍යයේ විශ්‍රාමික ඉස්කෝලේ මහත්තයා. තාමත් ඒ චරිත මිනිසුන්ට මතකයි?
ඔව්.. ඒවා ඒ කාලේ ජීවත් වෙච්චි, ඒ කාලේ දන්න චරිතනේ.. දැන්නම් තියෙන්නේ හරවත් බව නොවේ.. දැන් තියෙන්නේ විසිතුරු බවයි.. අපි කරපු දේවල් තුළින් අපි බලාපොරොත්තු වුණේ හරවත් බවක් එක්කරගන්නයි. සෝමවීර සේනානායක ඉතාමත් හොඳ නාට්‍ය රචකයෙක්.. එතුමා ලියපු “කන්දෙ ගෙදර, “පළිඟු මැණිකේ තාමත් මිනිසුන්ට මතකයි.

ඔබේ විවාහය සිදුවුණේ කොයි කාලෙදීද?
අපි විවාහ වුණේ 1967.. අවුරුද්දේ එයා පත්මලතා බැද්දගේ.. එයාගේ ගම කැස්බෑවේ.. ඩබ්ලිව්.බී. මකුලොලුව මහතාගේ  දෙපානෝ කියන ගීත නාට්‍යයට ගීත ගායනා කරන්න එයත් ඇවිත් හිටියා. එතනදී අපි දෙන්නා හඳුනා ගත්තා. ටික කාලයකින් “අපි විවාහ වෙමු කියලා මම එයාට යෝජනා කළා. ප්‍රේමවන්තයෝ වගේ අතන මෙතන රස්තියාදු වෙන්න මට ඕන වුණේ නැහැ. සිරිත් පරිදි මම එයාලගේ ගෙදර ගිහින් අම්මා තාත්තා මුණගැහිලා ඒ අයගේ ආශිර්වාදය ඇතිව අපි විවාහ වුණා.. අද අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.. ඒ දුවයි, පුතායි.. දුව ඉන්නේ හොරණ, පුතා ඉන්නේ මොරගහහේනේ. අපි දෙන්නා ඉන්නේ අපේ ගෙදර. දරුවන්ගේ ගෙවල්වලට එන්න කිව්වත් අපිට එහෙම ගිහින් ඉන්න අමාරුයි.. නිවාඩු පාඩුවේ ගිහින් නැවතිලා ආයේ එනවා.. දැන් ඉස්සර තරම් වාරු නැහැ.. ඉඳලා හිටලා වත්ත පොඩ්ඩ පොඩ්ඩ මාත් උදලු ගානවා.. එහෙම නැත්නම් කුලියට මනුස්සයෙක්ව ගෙනත් උදලු ගාගන්නවා..

ඒ කාලේ වෙසක් සැමරීම අදට වඩා වෙනස් නේද?
ගොඩාක් වෙනස්.. වෙසක් උත්සවය කියන්නේ අපිට හරි වටින දෙයක්.. වෙසක් එකට අපි මාසකට කලින් ඉඳන්ම තමයි සූදානම් වෙන්නේ. කල්තියාම බට කපාගෙන ඇවිත් වෙසක් කූඩු එක එක හැඩයට කපාගෙන වෙසක් කූඩු හැදුවා, ගොක්කොළ වලින් එක එක නිර්මාණ වලින් වෙසක් සැරසිලි කළා. පහන් පත්තුකරලා අපි කූඩු කැරකෙව්වා.. ඒ කාලේ වෙසක් කූඩු කඩවල්වල විකුණන්න තිබුණේ නැහැ. වෙසක් කූඩු හදන එක අපේ ජීවිතවලට එකතු වුණ අංගයක්..

දිශානි ජයමාලී
දේශය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top