මතභේදයකට තුඩු දුන් පියයුරු සැත්කමක් සිදුකළ මාළඹේ කේ.ඒ. පෙරේරා මාවතේ පිහිටි රූපලාවන්‍ය සායනය කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ (07) පරීක්ෂා කර තිබෙනවා.
ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි. කැළණියේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක පියයුරු කුඩා කර ගැනීම සඳහා සැත්කමක් සිදුකර තිබුණේ මෙම ස්ථානයෙන්.
ඇයට අසාත්මිකතාවක් මතුවීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර සඳුදා සැත්කමකට භාජනය කිරීමට නියමිත බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
කෙසේ වෙතත්, පැය දෙකකට අධික කාලයක් මෙම රූපලාවන්‍ය මධ්‍යස්ථානය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂා කර තිබෙනවා.
මෙම සිදුවීමට මුහුණදුන් කාන්තාව පුවත්පතක පළවූ දැන්වීමක් අනුව අදාලා සැත්කම් කරන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර සැත්කමට රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් ඉල්ලා ඇති බවයි ආරංචි මාර්ගයන් සඳහන් කරන්නේ. වැඩි දුරටත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන තොරතුරු අනුව වෛද්‍යවරයා රුපියල් 50,000කට සැත්කම කරදීමට පොරොන්දු වී ඇති අතර ඉතිරිය පසුව ලබාගැනීමටත් පොරොන්දු වී තිබෙනවා.
කෙසේ නමුත් සැත්කම කිරීමෙන් සතියකට පසුව ඇය නැවතත් වෛද්‍යවරයා හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු කාන්තාවගෙන් පියයුරු සැත්කමේ ඉතිරි මුදල් ඉල්ලුවා මිස ඇයගේ පියයුරුවලින් සැරව ගලන බව පැවසුවත් ඒ ගැන අවධානය යොමු නොකර ඇති බවයි ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වන්නේ