ඊයේ (29) පෙරවරු 7.30ට පමණ මෙම නායයාම සිදුවුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද - මිරියබැද්ද ගම්මානයේයි. එම ගම්මානයට ඉහළින් පිහිටා තිබූ කන්ද අයහපත් කාලගුණයත් සමග මෙලෙස නායයාමට ලක්වුණා. කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් මෙලෙස නායගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.
මෙම නායයෑමෙන් මීරියබැද්ද ගම්මානයේ පිහිටා තිබූ වතු නිවාස පේළි 7 ක් සහ නිල නිවාස දෙකක් මතට මෙම පස් කදු කඩා වැටී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ හේතුවෙන් නිවාස 150 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි. නායයාමෙන් හටගත් අධික ශබ්දයත් සමග ඇතැම් ප්‍රදේශවාසීන් වහාම නිවෙස්වලින් ඉවත් වීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශාල පිරිසක් නායයාමට ගොදුරු වූ බව දිවි බේරාගත් කිහිපදෙනෙකු ප්‍රකාශ කළා. ඔවුන් පවසන්නේ අද පෙරවරුවේ රැකියා සදහා පිටත් වූ පිරිස් හා පාසල් ගොස් සිටි ළමුන් හැර සෙසු පිරිස නායයාමට හසුව ඇති බවයි. විපතට පත් පිරිස අතර කාන්තාවන් හා ළමුන් රැසක් ද වනවා.
නායයාමත් සමග විපතට පත්වූවන් මුදා ගැනීම සදහා ආරක්ෂක අංශ සාමාජිකයන් හා පොලිසිය අදාළ ස්ථානයට පැමිණි අතර ඔවුන් විපතට පත්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කළේ අද පෙරවරුවේදීමයි. කෙසේ නමුත්, එම ප්‍රදේශයට විටින් විට ඇද හැලෙන වැසි සහිත යහපත් කාලගුණය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. නායයාම සිදුවූ මීරියබැද්ද ගම්මානයේ පිහිටි කන්දේ සිට විශාල ජල පහරක් පහළට ගලා එන බවද අප වැඩිදුරටත් වාර්තා වෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ ප්‍රදේශයේ පවතින මීදුම සහිත අයපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මුදා ගැනීමේ කටයුතු සිදු කිරීම අපහසු බවයි. කෙසේ වෙතත්, කාලගුණය යහපත් වූ විගස මුදා ගැනිමේ මෙහෙයුම් සදහා සම්බන්ධ කිරීමට හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. අද දහවල් යළිත් වරක් අදාළ ප්‍රදේශයේ පස් කදු කඩා වැටීමත් සමග රැස්ව සිටි පිරිස එම කඩිනමින් ඉවත් වීමට කටයුතු කලා.
මේ අතර, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නාය ගිය ප්‍රදේශය අවට නිවෙස්වල පදිංචි පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ කොස්ලන්ද ගනේෂා දෙමළ මහා විද්‍යාලය සහ පූනාගල අංක 1 විද්‍යාලයේ අවතැන් කදවුරු දෙකක් ස්ථාපිත කර ඇති අතර එහි 200 දෙනෙකු පමණ රදවා සිටින බවයි.
ඉන් බහුතරය ළමුන්. මේ අතර, අද පෙරවරුවේ පාසල් වෙත ගොස් නැවත සිය නිවෙස් වෙත පැමිණි ඇතැම් දරුවන්ට ශෝචනීය ඉරණමක් අත්ව තිබෙනවා.
ඒ, සිය නිවාස මෙන්ම දෙමාපියන් ද නොමැති වීම හේතුවෙන්. මේ අතර නායයාම සිදුවූ හල්දුම්මුල්ල ප්‍ර දේශයේ පාසල් 10 ක්ද නොවැම්බර් මස 3 වනදා දක්වා වසා දැමීමට බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා. ප්‍රදේශයේ පවතින තත්ත්වය සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශයට පැමිණියා. ඊට අමතරව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද නායයාම සිදුවූ ස්ථානයට පැමිණ තත්ත්වය සොයා බැලු බවයි.
වීඩියෝව පහතින්....









මීට පෙර පුවත් පහතින්...
බදුල්ල - හල්දුම්මුල්ල නායයෑමෙන් 300ක් අතුරුදන් - ඡායාරූප හා වීඩියෝ සහිතයි