මේ දිනවල කඳුකරයට ඇදහැලෙන අධික වැසි නිසාවෙන් නායයෑම් හා විවිධ ආපදා තත්වයන් පිළිබඳ අසන්නට ලැබෙනවා. එවැනිම නයායෑමක් පිළිබඳව මේ වන විට වාර්තාවන්නේ බදුල්ල ප්‍රදේශයෙන්.
බදුල්ල - හල්දුම්මුල්ල - කොටබත්ම - මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමර පේළි 7ක් නාය යාමකට ලක්ව ඇති බවට වාර්තා වේ. එම ගම්මානයේ වතු නිවාස කිහිපයක් ද නාය යාමට ලක්වූ පස් කන්දට යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගම්මානයේ පිහිටා තිබූ දේවාලයක් ද නාය ගොස් ඇති බවයි. අප කළ විමසීමකදී කොස්ලන්ද පොලීසිය ප්‍රකාශ කළේ ගම්මානය වටා පිහිටි පස් කන්ද තවදුරටත් නාය යමින් තිබෙන බවයි.
පස් කන්දට යටවූ ලයින් කාමර පේළියක සිටි එක් පුද්ගලයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන ඇති බව එම ස්ථානයේ සිටින හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රී සෙල්වරත්නම් ශ්‍රී කාන්ත් කියා සිටියා.
පස් කන්දට යට වූ නිවාස තුල සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ කටයුතු යුද හමුදාවේ ද සහාය ඇතිව ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර ප්‍රකාශ කළා.
Update 2 - 10/29 - 11:45 A.M
හල්දුම්මුල්ල - මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමර පේළි 8ක් අද (29) උදෑසන 7.30 ට පමණ නාය යාමකට ලක්වූ අතර වතු නිවාස 5 ක් සහ දේවාලයක් ද ඊට හසුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එක් ලයින් කාමර පේලියක කුඩා නිවාස 10 ක් පමණ පිහිටා තිබූ බවට තොරතුරු ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙම ගම්මානයේ පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් සිටි බවට තොරතුරු ඇතැයි අප කළ විමසීමකදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
ගම්මානයේ ලයින් කාමරවල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇති අතර ඉන් එක් සිරුරක් කාන්තාවකගේයි. ඇය සැමියා සමඟ ගම්මානයට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී නායයාමට හසුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ විවාදය අතරතුර ආණ්ඩුවෙන් කරුණු විමසුවා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ විශාල හානියක් සිදුවී ඇති නමුත් ඒ පිළිබඳ තවමත් වැඩිදුර කරුණු වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් සහන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බව ඔහු සඳහන් කළා.
මේ අතර, නායයාමට ලක්වෙමින් තිබෙන හල්දුම්මුල්ල - මීරියබැද්ද ගම්මානයේ ජනතාව බේරා ගැනීම සඳහා සිදුකෙරෙන හදිසි මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මේ වනවිට පැවැත්වෙනවා.
Update 3 10/29 1.27 P.M
හල්දුම්මුල්ල - මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමර පේළි 8ක් අද (29) උදෑසන 7.30 ට පමණ නාය යාමකට ලක්වූ අතර එයින් අතුරුදන් වූ ගණන 300ක් බවට මේ වන විට වාර්තා වෙනවා. මළ සිරුරු කීපයක්ද මේ වන විට සොයාගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ...
වීඩියෝව...
ඡායාරූප..
.JPG)