Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
12
සීනි සහිත ආහාර වලට දැඩිව ලොල් වුණොත් වෙන දේ මෙන්න

- සීනි සහිත ආහාර වලට දැඩිව ලොල් වුණොත් වෙන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපි හැමෝම වගේ පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වමු. නමුත් වැඩිපුර සීනි ආහාරයට ගැනීම නම් එතරම් සුබදායක වන්නේ නෑ. දිනපතා ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයෙන් නැතිනම් ශක්තියෙන් 25%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සීනි ආහාර මගින් ලබාගත් පුද්ගලයන්ගේ හදවත් රෝග අවදානම ඉහළ බව  වසර පහළොවක සිට ලද අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.


ඔබත් සීනි වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඔබේ ශරීරය ඒ ගැන අනතුරැ අඟවන මෙවන් ලක්‍ෂණ දැකගන්නට ලැබේවි.

සෑමවිටම මහන්සියක් දැනීම
සීනි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා ශරීරයේ ස්වභාවික ශක්තිය හීන වනවා. ඔබේ ශරීරයටත් නිතරම වාගේ මහන්සියක් දැනෙනවා නම් එයින් කියවෙන්නේ ඔබ සීනි වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවයි. ඔබ ආහාරයට ගනු ලබන සීනි ප්‍රමාණය අඩු කරන්න. එවිට ඔබගේ තෙහෙට්ටු ස්වභාවය දුරු වේවි.

සීනි වලට දක්වන දැඩි ආශාව
සීනි සහිත ආහාර වලට දැඩිව ලොල් වන්නෙ සීනි සඳහා ඇබ්බැහිවී ඇති අයයි. යමෙක් මත් ද්‍රව්‍යයන් සඳහා ඇබ්බැහි වනවාට වඩා සීනි සඳහා ඇබ්බැහි වීම ඉහළ බව නවතම අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

ඔබට නිතරම වාගේ සීනි සහිත ආහාර සඳහා ඇල්මක් ඇතිවනවා නම් එයින් කියවෙන්නේ ඔබ පමණට වඩා සීනි සහිත ආහාර ලබාගන්නා බවයි. ඔබටත් මෙසේ දැනෙනවා නම් ඔබ සීනි සහිත ආහාර ලබාගැනීම තරමක් අඩුකිරීම ඔබේ සෞඛ්‍යයට සුවදායක වනවා.

නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම
අධික ලෙස සීනි ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවනවා. එම නිසා ශරීරයට ආසාදනය වන වෛරස සහ බැක්ටීරියා සමග ශරීරය සටන් වැදීම දුර්වලවීම නිසා නිතරම වාගේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇතිවන්නට පුළුවන්.

විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීම
විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීමට සීනි බලපාන බව විශ්වාස කිරීමට අපහසු වුවත් ඔබ සීනි සඳහා ඇබ්බැහිවී ඇති පුද්ගලයෙක් නම් ඔබ සීනි සහිත ආහාර ආහාරයට ගැනීම නැවතූ විට ඔබට විෂාදය හා සම්බන්ධ මානසික හැඟීම් වන අලස බව, දුක සහ සමාජය පිළිබඳව කලකිරීම වැනි හැගීම් ඇතිවන්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු අඩාලවීමත්, මතකය දුර්වලවීමත්, අධික සීනි නිසා ඇතිවන බාධකයන් හැටියට සොයාගෙන තියෙනවා.

ඇස් යට කළු පැහැ වීම
සීනි වැඩි ලෙස ආහාරයට ගැනීම නිරූපණය වන තවත් කරැණක් තමයි ඇස් යට කළු පැහැ වීම. ඔබත් ඔබේ ඇස් යට කළු වීම කෙරෙහි කනස්සල්ලෙන් සිටිනවා නම් මේ සෞඛ්‍යය ගැටලුව සුවකර ගැනීමට විවිධ නිෂ්පාදිත භාවිතා කිරීමට වඩා ඔබ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩු කර බලන්න. ඔබට දින කිහිපයක් ඇතුළත ඇස් යට කළු පැහැවීම සුවකර ගන්නට පුළුවන් වේවි.

ශරීරයේ බර පිළිබඳ ගැටලු
ඔබත් ශරීරයේ බර වැඩිවීම නිසා පීඩා විදිනවා නම් වහාම සීනි ආහාරයට ගැනීම පාලනය කරන්න. එය ඔබට ශරීරයේ බර පාලනය කරගන්නට විශාල උපකාරයක් වේවි.
අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සහ අධික තරබාරුව ඇතිවන බව ඔබ දන්නා කරැණක්. අධික ලෙස සීනි ආහාරයට ගැනීම නතරකිරීමෙන් ශරීරයේ බර අඩුකර ගන්නවාට අමතරව ඔබේ මුළුශරීර සෞඛ්‍යයම වර්ධනය වේවි.

අධි රුධිර පීඩනය
වැඩි වශයෙන් සීනි සහිත ආහාර ලබාගැනීම මගින් අධි රුධිර පීඩනයත් ඇතිවනවා. 2010 වසරේදී කොලෙරාඩෝ සරසවිය විසින් වැඩිහිටි පුද්ගලයින් 4,500 පමණ එක්කර එක්තරා අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මේ අධ්‍යයනයේ දී සොයාගෙන තිබෙන්නේ සීනි ආහාරයට ගැනීම සහ අධි රුධිර පීඩනය අතර සෘජු සම්බන්ධයක් පවතින බවයි.

මේ නිසා ආහාර වේල එළවලු පළතුරු සරු එමෙන්ම ප්‍රෝටින් සහ මේද සරැ සීනි අඩු මට්ටමකින් පවත්වා ගැනීම ඉතා වැදගත්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top