සිංහල සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සංවිධාන වූ දැවැන්තම විචිත්‍රවත්ම ජාත්‍යන්තර තලයේ එකම සිනමා සම්මාන උළෙලයි Hiru Golden Film Awards 2014. අති විශාල වියදමක් දරා සංවිධාන වන මෙය ඔබ මෙතෙක් ජාත්‍යයන්තරයේ පමණක් දුටු වර්ණවත් අංග සියල්ලෙන්ම පොහොසත් කිරීමට ආසියානු මාධ්‍යජාලය සියළු කටයුතු සූදානම් කර අවසන්.
2012-2013 වසර වල සිනමා ශාලාවල තිරගත වූ චිත්‍රපට 30ක් සඳහා නිර්මාණාත්මක හා තාක‍්ෂණික පාර්ෂවයන් අගයමින් සම්මාන ලබාදෙන අතරම ජනප්‍රියම නළුවා ,ජනප්‍රියම නිලිය, ජනප්‍රියම චිත්‍රපට ගීතය ජනතා පරමාධිපත්‍යයෙන් තෝරා පත්කර ගැනීමට සූදානම්කර තිබෙනවා. මෙම සම්මාන උළෙල වෙනුවෙන්ම සැකසුනු
www.hirugoldenfilmawards.lk වෙබ් අඩවිය මගින් මේ සියළු තොරතුරු ලබාගත හැකි අතරම සම්මාන උළෙලට පෙරගමන් යමින් ඉරිදා සවස 3.30ට සම්මාන උළෙල සඳහා නිර්දේෂිත චිත්‍රපට වෙනුවෙන් සැකසුනු "Road to festival" වැඩසටහන හිරු ටීවී ඔස්සේ විකාශය වනවා. මීට අමතරව 2012-2013 වසර වල නිර්මාණය වූ කෙටි චිත්‍රපට 100ක් අතරින් හොඳම කෙටි චිත්‍රපටය තෝරා සම්මාන පිදීමටද සූදානම් කර තිඛෙනවා.
හෙල සිනමාවේ උත්කර්ෂවත් සිනමා සම්මාන රාත්‍රියේදී විශිෂ්ඨයන් උදෙසා සම්මාන 40ක් පිරිනැමීමට නියමිත අතර ලාංකීය සිනමාවට නව මානයක් එක්කළ ශිල්පින් උදෙසා පිරිනැමෙන "Hiru Trend Setter" සම්මානයද පිරිනැමීමටද නියමිතව තිඛෙනවා.
චිත්‍රපට 30ක් කෙටි චිත්‍රපට 100ක් අතරින් විශිෂ්ඨයින් තෝරා පත්කරගෙන සම්මාන පිරිනමන විචිත්‍රවත් මහා සිනමා සම්මාන රාත්‍රිය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක් ලෙස පවත්වමින් එම සම්මාන අත්දැකීම ලබාදෙන්නට හිරු ටීවි මේ වනවිටත් සැලසුම් සකස් කර අවසන්. සිනමා සම්මාන උළෙලට සමගාමීව ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගත් සම්මාන සඳහ යෝජනා වූ චිත්‍රපට ඔක්තෝම්බර් 19 සිට 25 දක්වා එළඹෙන සිනමා සතිය තුලදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතව තිඛෙනවා.
නූතන ටෙලිවිෂන් වංශකතාව වෙනස්කළ හිරු ටීවී තබන මීළඟ දැවැන්ත පියවර, Hiru Golden Film Awards මගින් ලාංකීය සිනමා ශිල්පීන් මෙන්ම නිර්මාණද අගයමින් නව සිනමා සංස්කෘතියක් ඇතිකරමින් ශ්‍රී ලාකීය සිනමා වංශකතාවටද නව ආලෝකයක් ලබාදෙනු ඇති.
ඔබේ ප්‍රියතම තරුව ජනප්‍රියම නළුවා ලෙස රන් සම්මානයෙන් අභිෂේක කරවන්නට පහත පරිදි මනාපය පළ කරන්න












ඔබේ ප්‍රියතම තරුව ජනප්‍රියම නිලිය ලෙස රන් සම්මානයෙන් අභිෂේක කරවන්නට පහත පරිදි මනාපය පළ කරන්න












ඔබේ ප්‍රියතම චිත්‍රපට ගීතය ජනප්‍රියම චිත්‍රපට ගීතය ලෙස රන් සම්මානයෙන් අභිෂේක කරවන්නට පහත පරිදි මනාපය පළ කරන්න










