බුදුදහම ලෝකවාසී සියලුම ජනයාගේ හිත සුව පිණිස දේශනා කරන්නට අප මහා බුදුරජාණන්වහන්සේ කටයුතු කලසේක. එවන් දහමක් තුලින් ලෝකයේ සුප්‍රසිද්ධ චරිතයන් රැසක්ම ඔවුන්ගේ ජීවිතයට සහනය ලඟාකරගෙන තිබේ. එම පිරිස් අතරින් කිහිපදෙනෙක් බුදුදහමේ ඇති සත්‍ය බව හා ඒ තුලින් ඔවුන් ජීවිතයට ලගාකරත්තා වූ සහනයන් පිළිබඳව ප්‍රකාශ කොට තිබේ. අද වප් පුර පසලොස්වක පොහෝ දිනයේදී ඔවුන් ප්‍රකාශ කලා වූ කරුණු අතරින් කීපයක් අපි ඔබ වෙත ගෙනෙන්නෙමු..
ඇමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්
ලෝකප්‍රසිද්ධ චරිතයක්වූ මොහු බුදුදහමෙන් මානසික සුවය සොයා ගිය අයෙක්. ඔහු පවසන්නේ “බුදුදහමේ භාවනා ක්‍රමය හා නිරෝගිමත් ආහාර ක්‍රම දැන් මිනිසුන් අතර නව ප්‍රවණතාවක් වී ඇති බවත්, එවන් විවේකී භාවන ක්‍රම සහ ආහාර ක්‍රම තමන්ගේ ජීවිත වෙනස් කරන බව මිනිසුන්ට අවබෝධ වෙමින් ඇති බවයි‘‘
සුපිරි ගායක රිකී මාර්ටින්
මොහු පවසන්නේ ‘‘කෙනෙකුගේ ආත්මයට තමා විසින් කලහැකි ලොකුම හානිය තවත් කෙනෙකුගේ ආගම වැරදියි කියා පැවසීම බව බුදු දහමේ උගන්වා ඇති බවයි‘‘
ඇන්ජලීනා ජොලී
‘‘මම දෙවියන් කෙරෙහි විශ්වාසය නොතැබුවත් බුදුදහමට ගෙදර වැදගත් තැනක් හිමිවෙනවා‘‘
හොලිවුඩ් නළු රිච්ඩ් ගියර්
මොහු පවසන්නේ යම් කෙනෙක් යම් දෙයකට බැඳිමක් නැතිව යමක් සිදුවුවහොත් බුද්ධාගමට අනුව එයා කර්මය නිසා හෝ යම් අතීත බැඳිමක් නිසා සිදුවූ බවට සලකන්නේ යැයි ප්‍රකාශ කොට තිබෙන බවයි.
ජෙට් ලී
මොහු පවසන්නේ තමන් බුදු දහම හැදැරීම සිදුකරන බවත් පෙර අවුරුදු කීපය තුලදී තමාගේ චිත්‍රපට කාලය අතරතුර හුදකලා භාවනාක්‍රම වලට කාලය වෙන්කල බවත්ය.
ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්
තමන්ට තණ්හාව පසුපස හඹා නොයන ලෙස හා තමාව පාලනය කිරීමට බුදුදහම ඉගැන්වූ බව මොහු පවසයි