මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් සහ පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙනවා. ඊට නිසි ප්‍රතිකාර නොගන්නා බොහෝ රෝගීන් ඉන් පිඩා විදිනවා. මෙවැනි රෝග හමුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඇති ප්‍රතිකාර මොනවාද යන්න විමසීමයි මේ.
මුත්‍රා පද්ධතිය සහ පිත්තාශය ආශ්‍රිතව ගල් හට ගැනීමට බලපාන හේතුව කුමක්‌ද?
ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙම ගල් ඇතිවීම හඳුන්වන්නේ ආශ්වරී ලෙසින්. මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල් මුත්‍රා ආශ්වරී ලෙසත්, පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් පිත්ත ආශ්වරී ලෙසත් හඳුන්වනවා. මීට අමතරව ශුක්‍රාණු ඝනවීම නිසාත්, ශුක්‍ර ආශ්වරී ලෙස ගල් මතුවෙනවා.
මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල්
මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීමට බලපාන හේතු අතර අධිකව මස් මාංශ ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙහිදී හරක් මස් ආහාරයට ගැනීම විශේෂ හේතුවක් බවට පත්ව තිබෙනවා.
තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම. දිනකට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ප්‍රමාණය පානය නොකිරීම මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වූ විට එය සිදු නොකර සිරකරගෙන සිටීම (මුත්‍රා ධාරණය) වැනි හේතූන් මේ සඳහා බලපානවා. ශුක්‍රාණු නිසි ලෙස පිට නොවීමේ ගැටලු මතුවූ විට ශුකාණු ඝනවීමක් සිදුවිය හැකියි.
පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල්
ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් සහ වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට, ප්‍රධාන වශයෙන් බලපානවා. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලය ලෙසින් හටගන්නා ඔක්‌සලේටි පදාර්ථ ද මීට හේතුවක්.උදාහරණයක් ලෙස තක්‌කාලි සමඟ හාල්මැස්‌සන් ආහාරයට ගැනීම නිසා ඔක්‌සලේටි පදාර්ථය ඇති වෙනවා.
පිත්තාශය ගල් ඇතිවීම බහුලව දක්‌නට ලැබෙන්නේ කාන්තාවන් අතර මුත්‍රා ගල් ඇතිවූ විට රෝගියා මුහුණ දෙන අපහසුතා මුත්‍රා ගල් ඇතිවූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශ දක්‌වා ගමන් කරන වේදනාවක් හටගත හැකියි. විශේෂයෙන් මුත්‍රා ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පිරිමි පාර්ශ්වයටයි. පිරිමි අයට මුත්‍රා ගල් ඇතිවූ විට අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට තදබල කැක්‌කුමක් ඇතිවීම ද සිදුවෙනවා.
මෙවැනි අපහසුතාවලට අමතරව බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක් ඇතිවීම බොහෝවිට දැකිය හැකියි.
මෙවැනි ලක්‌ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවන් ලෙස හඳුන්වා දියහැකියි.
පිටවන මුත්‍රාවල පැහැය තද කහ පැහැතියි.
මුත්‍රා සමඟ රුධිරය පිටවීමද දැකිය හැකියි.
මෙවැනි රෝග ලක්‌ෂණ මතුවන රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාවය ශරීරය වෙව්ලන ස්‌වභාවයක් ඇතිවීම දැකගන්න පුළුවන්.
ශුක්‍ර නාළ අවහිරවීම නිසා විවිධ පීඩාවන් ඇති වෙනවා.මෙහිදී ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්‌ඵටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිටකිරීමේ අපහසුතා ඇතිවී මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරනවා. ඇතැම් රෝගීන්ගේ මෙම ස්‌ඵටික මුත්‍රා මාර්ගය ඔස්‌සේ පිටවන අවස්‌ථා දැකිය හැකියි.
මුත්‍රා මාර්ගය ඔස්‌සේ මෙවැනි ස්‌ඵටික සහ මුත්‍රාගල් පිටවීමේදී පිටවන ගල්වල සහ ස්‌ඵටිකවල තියුණු ස්‌වභාවය මත මුත්‍රා මාර්ගය සීරීමකට ලක්‌විය හැකියි. මෙවැනි අවස්‌ථාවලදී මුත්‍රා සමඟ රුධිර පිට වෙනවා. ඊට අමතරව ලිංගය ආශ්‍රිතව දැඩි වේදනාවක් හට ගැනීම මුත්‍රා මාර්ගය ඉදිමීම වැනි ලකෂණද මතු වෙනවා.
ඇතැම් අයට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිංදු කිහිපයක් පිටවෙනවා. මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවුවත් මුත්‍රා පිටනොවීම හෝ ස්‌වල්ප ලෙස මුත්‍රා පිටවීමද බොහෝ දුරට දැක ගන්න පුළුවන්.
පිත්තාශයේ ගල් ඇතිවූ විට උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා විහිදී යනවා. මෙවැනි රෝගීන් තුනටිය ආශ්‍රිතව කැක්‌කුම් ඇති වෙන්නේ නැහැ.
ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන මෙම ගල් පිත්ත නාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරනවා. එසේ පැමිණෙන ගල් නිසා පිත්ත නාළය අවහිර වුවහොත් ශරීරය සීතලවීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම වැනි අපහසුතා මතු වෙනවා.
මුත්‍රා පද්ධතියේ සහ පිත්තාශයේ ගල් සඳහා ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මෙවැනි ගල් ඇතිවීමට බලපාන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන විෂමතාවයන් සහ වැරදි ආහාර ක්‍රම බැවින් ඒවාට නිසි පිළියම් යෙදීමෙන් නැවත මෙම ගල් ඇති නොවන අයුරින් නිට්‌ටාවටම සුව කරන්න පුළුවන්.
අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීම කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතාද දුරුවී යනවා.
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක