Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
පවුල් ජීවිතය විනාශ කරන සැකය නමැති මායාකාරී සිතිවිලි (Delusion) ගැන ඔබත් දැනගන්න

- පවුල් ජීවිතය විනාශ කරන සැකය නමැති මායාකාරී සිතිවිලි (Delusion) ගැන ඔබත් දැනගන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

“නිරෝෂාගේ වයස අවුරුදු 35 යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂාගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. දෙදෙනා විවාහ වූයේ අවුරුදු 3 ක ‍ප්‍රේම සම්බන්ධතාවකින් පසුවයි. විවාහ වී දැනට වසර 10 ක්. නිරෝෂාගේ ස්වාමියා වන බන්දුල ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කෙරුවේ මෙහෙම.


“මට දැන් ජීවිතෙත් එපාවෙලා. රස්සාව කරගන්නවත් හිතේ නිස්කලංක බවක් නෑ. මගේ බිරිය නිරෝෂා දවසට 25 පාරකට වඩා මම වැඩ කරන ස්ථානයට Call කරලා මම ඉන්නවාද කියලා පරීක්ෂා කරනවා. පුදුම සැකයක් දැන් ඇයට ඇතිවෙලා තියෙන්නේ. දවසක් අපූරු සිද්ධියක් වුණා. එදා මම Office එකේ හිටියේ. රැස්වීමක් තියෙන නිසා මගේ ෆෝන් එක පැය භාගයකට විසන්ධි කළා. ඇය ත්‍රීවීල් එකක් අරගෙන ආවේශයෙන් වගේ Office එකට ඇවිත් මගේ කාර්යාලයේ සිටින තවත් කාන්තාවක් මට ජෝඩු කරමින් මට බැණ වැදුණා. ඇත්තටම මගේ කිසිම සම්බන්ධතාවක් ඔය කියන තරුණිය සමඟ නෑ. මට හරිම ලැජ්ජයි.”

දවස් 3ක් Office එකට ගියෙත් නෑ. මම ගෙදර ආවාම මගේ දුරකතනය මුල සිට අග වන තෙක් පරීක්ෂා කරනවා. ඉස්සර මට Office එකට අඳින ඇඳුම් ලස්සනට අයන් කරලා දෙනවා. දැන් එහෙම කරන්නේ නෑ. ඇයට මම හොඳට අඳින එකත් සැකයක්. මේ සැකයේ බරපතළකම කෙතරම්ද කියතොත් ඇය සමහර විට මගේ යට ඇඳුම් පවා පරීක්ෂා කරනවා. ඒවායේ ගඳ සුවඳ බලනවා. මෙහෙම පරීක්ෂා කරනවා දවසක් මගේ අතටම අහුවුණා. මම ඇහැව්වා මොනවද ඔය බලන්නේ කියලා. ඇය හෙමින් එතැනින් ලිස්සලා ගියා.

දැන් මට තනියම කොහෙවත් යන්න බෑ. කොණ්ඩෙ කපාගන්න සැලෝන් එකට ගියත් එතැනට වෙලා කොණ්ඩෙ කපලා ඉවර වෙනකම්ම ඉන්නවා. මගේ Phone එකට එන හැම තොරතුරක්ම ඇය පරීක්ෂා කරනවා. සමහර දවස්වලට මගේ ගෙදර තියෙන Office කාමරයේ ලිපිගොනු ඇදලා දාලා. ඒවා සියුම් ලෙස පරීක්ෂා කළ බවක් පෙනී යනවා. ඇයට තරහ ගියාම හරිම අසාමාන්‍යකමක් පේන්න තියෙනවා. මේ ළඟදීත් මෙවැනි ලොකු රණ්ඩුවක් වුණා.

මම වැඩ ඉවර කරලා එන ගමන් ටයි එකක් ගන්න Shop එකකට ගියා. ඇය නැතිව මේ ගමන ගියා කියලා තමයි මේ රණ්ඩුව ඇති වුණේ. “උඹ අර ගෑනි එක්ක නේද ගියේ කියපන්” කියලා වියරුවෙන් වගේ ඇහුවා. මේ රණ්ඩුව දැකපු මගේ දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා කාමරේ දොර වහගෙන හිටියේ. මේ තත්ත්වේ මෙහෙම පැවැතුණොත් ළමයි දෙන්නාගේ අනාගතේ අවුල් වන බව මට හොඳටම විශ්වාසයි.

මගේ ලොකු දුවට අවුරුදු 8යි. දැන් ඇය නිතරම හිසේ කැක්කුමක් ගැන කියනවා. ගියවර වාර විභාගේ ලකුණුත් 50ට වඩා අඩුයි. මම දවසක් දුවගෙන් ඇහැව්වා “මොනවද ඔයා හැමවෙලේම කල්පනා කරන්නේ” කියලා. “මට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙයිද කියලා බයයි” කියලා ඇය අඬ අඬා කිව්වා.

දැන් මේ කතාවේ නිරෝෂාගේ වගඋත්තරය අහන්න මම යොමුවුණා. ඇයගේ මුහුණේ ඉරියව් ක්ෂණයෙන් වෙනස් වෙලා. සැකය සහ භීතිය ඉරියව්වලින් හොඳට පෙනුණා. ඇය කෝපයෙන් සහ වියරුවෙන් කතා කරන්න පටන් ගත්තා.

“බන්දුල මාව රැවැට්ටුවා. Office එකේ ඉන්න නාඩගම් කෙල්ලෙක් එක්ක මෙයා යාළු වෙලා. Office එකේ වැඩ කරන කීප දෙනෙකුට Call කරලා මම විස්තර හොයා ගත්තා. ඔවුන් කිව්වේ ඒ කෙල්ලගේ චරිතෙ නම් හොඳ නෑ කියලා.”

“එයාලා කිව්වද ඒ කාන්තාව ඔබේ සැමියා එක්ක අනිසි සම්බන්ධයක් තියෙනවා කියලා?”

“නැහැ එහෙම නම් කිව්වෙ නැහැ මට තාම මතකයි, දැන් අවුරුදු එකකට විතර ඉස්සර මම බන්දුල සමඟ Office එකේ පාටි එකකට ගියා. මේ කාන්තාවත් ඒ පාටි එකේ හිටියා. ඇය හොරෙන් හොරෙන් බන්දුල දිහා බලනවා මම දැක්කා. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි. බන්දුල දැන් ලස්සනට අඳිනවා. මේ ළඟදි හොඳ පර්ෆියුම් එකක් අරගෙන තිබුණා. මොකටද පර්ෆියුම් ගන්නේ දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ අතට අහුවුණොත් මම මෙයාව ඉතුරු කරන්නේ නෑ. නින්දෙන් හරි බෙල්ල මිරිකනවා.”

මෙහෙම කියාගෙන යනකොට නිරෝෂාගේ මුහුණ කෝපාවිෂ්ට වුණු බව දක්නට ලැබුණා. නිරෝෂා ගොදුරු වී ඇත්තේ සැකය නමැති මායාකාරී රෝගයටයි. මේ ප්‍රබල මානසික රෝගයේදී මොළයේ නොයෙකුත් රසායණික වෙනස්කම් සිදුවන බව විද්‍යාඥයෝ පවසනවා.

සැකය, සත්‍ය සිද්ධීන් නිසා පුද්ගලයකු තුළ ඇති විය හැකියි. නමුත් මායාකාරී සිතිවිලි නිසා ඇති වන සැකය දරුණු මානසික රෝගයක් විදියටයි සැලකෙන්නේ. මායාකාරී සිතිවිලි මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඩිලුෂන් (Delusion) හැටියටයි. මෙයට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම අතිශය වැදගත්. මෙය දැඩි ඊර්ෂ්‍යාව පදනම් කරගෙන ඇතිවන රෝගයක්. මෙවැනි පුද්ගලයකුගේ මොළය තුළ නොයෙකුත් රසායනික විපර්යාසයන්ද ඇති වන බව විශේෂඥයන් සොයාගෙන තිබෙනවා. මනෝ වෛද්‍යවරයකු වෙත යොමු නොවන මෙවැනි රෝගීන්ගේ ජීවිත ගෘහ ප්‍රචණ්ඩත්වය, පවුල් අවුල් වීම, දික්කසාදය, ප්‍රචණ්ඩත්වය හා මිනීමැරුම්වලින් ද කෙළවර විය හැකිය.

මෙවැනි රෝගියකු හමු වූ විට ඔබ කළ යුතු දේ,

• පහරදීම හෝ තාඩන පීඩනවලට ලක් කිරීමෙන් වැළකීම. එසේ වුවහොත් මෙම රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකිය.
• යන්ත්‍ර මන්ත්‍ර යාගහෝම පසුපස නොයෑම.
• රෝගියා කොන් කිරීමෙන් වැළකීම.
• සැකය තවදුරටත් වැඩි වන ලෙස පරිසරය සකස් නොකිරීම. (ඔබගේ දුරකතනය නිතර පරීක්ෂා කරනවා නම් එයට විරුද්ධව පාස්වර්ඩ් එකක් මඟින් දුරකතනය ලොක් කිරීම වැනි දේ නොකරන්න.)
• සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම.
• වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ නිසි ලෙසට ලබාදීම.
• රෝගියා ඖෂධ ලබාගන්නේද යන්න පිළිබඳ ඔබේ සැලකිල්ල යොමු කළ යුතුයි. නැතහොත් රෝගී තත්ත්වය තවත් උත්සන්න විය හැකිය.
• සැකය සත්‍ය සිද්ධියක් මෙන්ම ප්‍රබල මානසික රෝගයක් ලෙසද මතු විය හැකියි. මෙය රෝගියාගේ වරදක් නොවේ. රසායනික වෙනසක් නිසා මොළයේ ඇතිවන අසනීපයක්. විද්‍යාත්මක ලෙස මේ ප්‍රශ්නය දෙස බැලීමෙන් රෝගය මෙන්ම ඔබගේ සිතිවිලිද වෙනස් කරගත හැකියි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය විශේෂඥ
නයනානන්ද කුමාරනායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top