චිලී තිලංක කියන්නේ තරුණ තරුණයින්ගේ හිත් ආකර්ෂණය කරගත් ගායකයෙක්. වසර එකහමාරක වැනි කාලයක් චිලීව මාධ්‍යයෙන් දකින්න ලැබුණේ නැහැ. අලුත් නිර්මාණ එක්ක යළිත් සංගීතයට අවතීර්ණ වෙනවද එහෙම නැත්තම් සංගීතයෙන් සමු අරගෙනද කියලා අහන්න ඔහුව හිරුගොසිප් කතාබහකට එකතු කර ගත්තා. මේ චිලීගේ අලුත්ම තොරතුරු ගැනයි.
චිලී ඉස්සර නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක්. දැන් හැංගිලා ඉන්නේ ගායනයෙන් ඉවත් වෙලාද..?
ගායනයෙන් ඉවත් වෙලා නැහැ. ඉවත් වෙන්නේත් නැහැ. පොඩි විවේකයක් ගත්තා. මම අවුරුදු දහයක් විතර එක දිගට වැඩ කරා. නිතරම දකිනකොට වටිනාකමකුත් නැහැ. ප්‍රේක්ෂකයින්ටත් එපා වෙනවා. ඒ නිසා පොඩ්ඩක් නිහඩව හිටියා.
පහුගිය කාලේ ආරවුලකට පොලිසියට පවා ඔබට යන්න වුණා.ඒ ඇති වුණු සිද්ධිය නිහඩ වෙන්න බලපෑවද..?
ඒකත් එක හේතුවක් කිව්වට වරදක් නැහැ. බීමතින් මනුස්සයෙක් හැසිරුණු විදිහට මම පහර දුන්නා කිව්වා කතාවට 30% විතර මට ප්‍රතිචාර දැක්වූ විදිහට මට දුක හිතුණා. සමහර මිනිස්සු මට බැන්නා ඇත්ත මොකක්ද කියලා නොදැන. ඒ අවස්ථාවේදී ඇතැම් අය කිව්වේ නම් ඒ ප්‍රසිද්ධියත් එක්ක සින්දු කරන්න කියලයි. මම එහෙම මානසිකත්වයකින් ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා නිහඩව ඉන්න හිතුවා.
ඒ හේතුව චිලිගේ ජනප්‍රියත්වයට බලපෑවා කිව්වොත්..?
නැහැ. මාව දකින්න නැතුවත් ප්‍රතිචාර තියෙනවා. ආදරේ කරන අය දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. මම මාර පොරක් නෙමෙයි. නමුත් මට හිතෙනවා චිලි කියන ගායකයාව සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යම කෙනෙක් කියලා.
ව්‍යාපාරිකයා ගායකයාව යටපත් කරලා වගෙයි..?
මට නිමි අදුම් සැලක් තියෙනවා. තවත් ශාඛාවක් විවෘත කරන්න ඉන්නේ.ඊට අමතරම ඇගලුම් කම්හලක් තියෙනවා.පහුගිය අවුරුදු එකහමාර තුළම මම කාර්ය බහුල වුණේ ඒ දේවල් එක්ක. මම සින්දු කියන්නේ මුදල් හම්බකරන පරමාර්ථයෙන් නෙමෙයි. ඒ නිසා ආත්ම තෘප්තිය උදෙසා ගීත ගායනා කරනවා. ඒ දෙකම සමබරව කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
අලුත් ගීත අහන්න තව කාලයක් යයිද..?
අලුත්ම ස්වරූපයකින් ජනතාව අතරට යන්න අදහසක් තියෙනවා. මේ වෙනකොට අලුත් ගීත කිහිපයක්ම කරන්න සැලසුම් කරමින් යනවා. බොහෝ දුරට සැප්තැම්බර් අන්තිමට ගීතයකින් මාව දකින්න ලැබෙයි.
වීඩියෝ වලට නිරුවත හෝ අඩනිරුවත මාකර්ට් කරන එක අලුත්ම රැල්ල. අලුත්ම ස්වරූපයකින් දකින්න ලැබෙනවා කියලා චිලි අදහස් කරේ ඒ වගේ වෙනසක්ද..?
මේ ලංකාව මිසක් ඇමරිකාව නෙමෙයි.ලැජ්ජාව තියෙන්න ඕන.මමත් රැලි පහුකරලා ආ කෙනෙක්. නමුත් ලිංගිකත්වය උලුප්පලා පෙන්නුවා කියලා ප්‍රේක්ෂකයින් වැළද ගන්නවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා.ලිංගිකත්වය සංයමයකින් දෙන්න ඕන දෙයක්. තාවකාලික ප්‍රසිද්ධියට වඩා මම හිතනවා හොද දෙයක් කරලා පැවැත්ම හදාගන්න එක හෝ පැවැත්ම තියාගන්න එක හොදයි කියලා. ඒ නිසා මම වෙනස කරන්නේ ලිංගිකත්වය තේමා කරගෙන නෙමෙයි.
රංගනයෙන් දකින්න ලැබෙයිද..?
මම අලුත් චිත්‍රපටි දෙකකට සම්බන්ධ වෙන්න ලැබුණු ආරාධනා පිළිගත්තා. ඒ වැඩ ළගදීම ආරම්භ වෙනවා.
ආදරේ විදිනවා මිසක් ඒ පෙම්වතියව විවාහ කරගන්න තවම අදහසක් නැද්ද..?
මට පෙම්වතියක් ඉන්නවා. ඒත් තවම මම ඇයට විවාහයට යෝජනා කරලා නැහැ. විවාහය ගැන නම් තවම හිතලා නැහැ.
ආදරේ කරන්නේ විවාහ වෙන අදහසින් නෙමෙයිද..?
මම ආදරේට බොරු කරන කෙනෙක් නෙමෙයි.මම එයාට අවංකවම ආදරේ කරනවා. නමුත් හෙට වෙන දේ අපිට දැන් කියන්න බැහැ. මගේ පෙම්වතියට මම ආදරෙයි. සතුටින් අපි ජිවත් වෙනවා.
ඇගෙන් නීති වැටෙන්නේ නැද්ද..?