Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
"අමිල ක්ෂේත්‍රයේ කිසි කෙනෙක්ගේ ජීවිතයකට ඇඟිලි ගහන්නේ නෑ..." අමිලගේ බිරිඳ තේජා කියයි - Photos

- "අමිල ක්ෂේත්‍රයේ කිසි කෙනෙක්ගේ ජීවිතයකට ඇඟිලි ගහන්නේ නෑ..." අමිලගේ බිරිඳ තේජා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"එදා තිබුණු ආදරේ අදටත් ඒ විදිහම තමයි.."

"මම මගේ වෘත්තියෙන් සමුගනන්වා.."

අමිල අබේසේකර පුංචි තිරය රංගනයෙන් ආක්‍රමණය කළ රංගන ශිල්පියෙක් කිව්වොත් හරි. ඔහුට ලස්සන බිරිඳක් ඉන්නවා. ඇය නමින් තේජා ජයවර්ධන. ඇය නිලියක් නොවුණත් අමිල නිසාම බොහෝ අය තේජාව හදුනනවා. පසුගිය කාලය පුරාවට මේ පුංචි පව්ල වෙන් වෙලා කියලයි රාවයක් පැතිරුණේ. ඒ ගැන හා අමිල ගැන විස්තර තේජා කතා කළ අයුරු මෙසේ පුවත්පතක සදහන් වී තිබුණා.


තේජා මොකද මේ හිටපු ගමන් ලංකාවේ... හිටපු ගමන් පිටරට?
ඔව්... ඒ ඉතින් මගේ රැකියාවත් එක්කනේ. මම ගුවන්සේවිකාවක් විදිහට සේවය කරනවා. ඉතින්... නිවාඩු ලැබුණු ගමන් මම ලංකාවට එනවා.

කොච්චර කාලෙකට පස්සෙද තේජා මේ ආයේ ලංකාවට ආවේ?
කොහොමටත් මම ලංකාවට මාසෙට දෙපාරක් විතර එනවා. මේ පාර ආවමත් දවස් පහක් මම ලංකාවේ ඉන්නවා. දැන් මේ එන යන එක මට ගාණක් නැහැ. එහෙම මහන්සියකුත් නෑ. සමහරදාට නිවාඩු දවස් තුනටත් මම ලංකාවට එනවා.

පසුගිය දවස්වල අමිලත් ඔයාව බලන්න ඒ රටට ආවනේ. දැන් ඔයයි අමිලව බලන්න ලංකාවට එන්නේ?
ඔව්... ඒකනම් ඇත්ත. ඒ ඉතින් අපි දෙන්නගේ වැඩත් එක්ක ඒ එන යන එක වෙනස් වුණා. පසුගිය දවස්වල අපිට එකදිගට ටික කාලයක් නිවාඩු තිබ්බා. ඒ නිවාඩුත් අල්ලලා අමිල මාව බලන්න එහාට ආවා. මේ දවස්වල අමිලට එක දිගට වැඩ. ඒ නිසා මගේ නිවාඩුවට මම අමිලව බලන්න ලංකාවට එනවා.

තේජා ලංකාවට ඇවිත් නවතින්නේත්  දවස් කිහිපයයිනේ. කොහොමද ඒ දවස් කිපයට අමිලගේ රූගත කිරීම් එහෙම සැලසුම් කරගන්නේ?
කොහොමත් මගේ ඊළඟ මාසේ වැඩවල කාලසටහන මගේ ඔෆිස් එකෙන් මේ මාසෙදි දෙනවා. එතකොට මගේ කාලසටහනේ නිවාඩු දවස් මඟ හැරලා තමයි අමිල එයාගේ රූගත කිරීම්වලට දින දෙන්නේ. ඉතින් කොහොමත් මට නිවාඩු එක දිගට දවස් පහක් ලැබෙනවා. ඉතින් ඒ දවස් පහට අමිලත් මුකුත් වැඩ දාගන්නෙ නෑ.

තේජා ලංකාවට ආවට පස්සෙ වැඩිපුරම කරන්නේ මොනවද?
ඒ දවස් පහේදී අපි අපේ ගේ අස්පස් කරගන්නවා. එතකොට ගෙදරට ඕන කරන බඩු එහෙම දෙන්නා ගිහින් අඩුපාඩු බලලා අරගෙන එනවා. කොහොමටත් නිවාඩු දවස්වල දෙන්නම කැමැති ගෙදර වෙලා ඉන්න තමයි. ඒ වගේ වෙලාවට අපි හොඳ ෆිල්ම් එකක් එහෙම බලනවා. අපි දෙන්නට රස්සාවත් එක්ක එහෙ මෙහේ ඇවිදින නිසා නිවාඩු පාඩුවේ ඇවිදින්න යන්නනම් කැමති නෑ.

එතකොට අමිලට උයන පිහින වැඩ කරන්නේ කවුද?
අපිට උදව්වට කෙනෙක් හිටියා. මේ දවස්වල ඒ මනුස්සයත් නෑ... ඉතින් අමිලගේ අම්මා ඇවිල්ලත් අමිල ගැන හොයලා බලනවා. සමහර දවස්වලටනම් අමිල  කඩවල්වලින් එහෙම කාලත් තියෙනවා. මේ දවස් ටිකේ නම් මම බඩු එහෙම ගෙනත් කෑම හදලා දෙනවා.

තේජා.. අමිල ගෑනු ළමයි එක්ක පෙම්වතුන්ගේ චරිත රඟපාද්දී පුංචි හරි ඉරිසියාවක් එහෙම දැනිලා නැද්ද?
අනේ නෑ.. එයා එහෙම රඟපාද්දී මම එහෙම ඉරිසියා වෙලානම් නෑ. කොහොමටත් අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. අපේ වෘත්තීය දෙක ගැනත් අපි දෙන්නා ළඟ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අතරේ ප්‍රශ්න නෑ. එදා අමිලට තිබුණු ආදරේ අදටත් ඒ විදිහම තමයි.

කලා ක්ෂේත්‍රයේ අද රැල්ලක් වෙලා. අද විවාහ වෙනවා. තව මාස කිහිපයකින් අවුරුද්දකින් දෙන්නා දෙපැත්තක...?
අපි දෙන්නා රටවල් දෙකක හිටියට අපි දෙන්නා අපිට හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. අපේ ලෝකේ ඔය පිටින් එන කිසි දෙයක් එකතු කරන්නේ නෑ. අමිල ක්ෂේත්‍රයේ කිසි කෙනෙක්ගේ ජීවිතයකට ඇඟිලි ගහන්නේ නෑ. අනික අනුන්ගේ ජීවිතයි අපි දෙන්නගේ ජීවිතයි අපි කවදාකවත් සංසන්දනය කරන්නේ නම් නෑ. අපි දෙන්නා බොහෝම සරල ජීවිත ගතකරන්නේ. අපි දෙන්නගේ ජීවිත ඇතුළේ බොරු ආටෝප නෑ.

හිතෙන්නේ නැද්ද දැන් රටවල් දෙකක හිටියා ඇති පවුල් ජීවිතේ වෙනුවෙන් තේජාගේ වෘත්තීය කැප කරලා දිගටම ලංකාවෙම ඉන්න
අපේ තිබුණු ගේ අපි විකුණුවා. අපි ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන්නේ. ඒක ඉවරවුණාම බොහෝ වෙලාවට මම මගේ වෘත්තියෙන් සමුගනිවී. අපි දෙන්නගේ ඊළඟ හීනය තමයි අපි දෙන්නගේ හිතේ ඇඳුණු ගේ පොඩ්ඩක් ඉක්මනට හදලා ඒකේ පදිංචි වෙන්න.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top