ලිංගික අප්‍රාණිකත්වය ඇති අය ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නවා.එය පෙත්තක්.පසුගිය කාලය පුරාවට වයාග්‍රා යන ඖෂධය අධි මාත්‍රාව ගත් අය මරණයට පවා පත් වුණා.මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.
වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.
දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.
මෙය භාවිතා කළ යුත්තේ කල්පනාකරිවයි. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන්. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත එය ගත හැකියි.
සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.
ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති.ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි. ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.
එමෙන්ම වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවන්.
උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ