බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගියදා සිය 90 වැනි උපන්දිනයද සැමරූ දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැවින් මෙම සැලසුම සූදානම් කර තිබෙන බවයි වාර්තාවන්නේ.
ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වු අතර ඒ කාලයේ සිටම මරණය දැනුම් දීම සඳහා කේත ක්‍රම භාවිතා කරනවා. හයවන ජෝර්ජ් රජුගේ අභාවය දැනුම් දීමට ‘The King’s life is moving peacefully towards its close,’ නම් කේතය භාවිතා කර ඇති අතර රැජිනගේ මරණය දැනුම් දීම සඳහා “London Bridge Is Down” නම් විශේෂ කේතයක් භාවිතා කිරීමට බකිංහැම් මාලිගය අදාළ සියලු අංශ වලට දැනුම්දී තිබෙන බවත් සඳහන් වනවා.
එම සැලසුම අනුව රැජිනගේ පෞද්ගලික ලේකම්වරයාට අභාවය ප්‍රථමයෙන්ම දැනුම් දෙනු ලබනවා. පසුව ඔහු විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියටද , ඇය විසින් මිතුරු රාජ්‍යයන් 15 ක රාජ්‍ය නායකයින් දැනුවත් කරන බවත් විදෙස් වාර්තාවල සඳහන්.
පසුව පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව රැජිනගේ අභාවය මාධ්‍ය වෙත දැනුම් දෙනු ඇති බවයි පැවසෙන්නේ.
දෙවන එළිසබෙත් රැජිණ පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි.