Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Mar
04
තිබුණ බැඳීම් නැතිවුණේ නොගැලපීම් නිසයි, මටත් හැඟීම් දැනීම් තියෙනවා - ශලනි තාරකා - Photos

- තිබුණ බැඳීම් නැතිවුණේ නොගැලපීම් නිසයි, මටත් හැඟීම් දැනීම් තියෙනවා - ශලනි තාරකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
නටන්න ආස හිතුණොත් නටන්න ඕන තැන්වල නටනවා....
 
නිරුවත වැඩිය පෙන්නන  විලාසිතා කරන්නේ නෑ , ඕන තැන් වැහෙන්න අඳිනවා...

විවාහයට සුදානම්.එත් බඳින්න තමයි කෙනෙක් නැත්තේ....

රඟන්න නටන්න දක්ෂ ශලනි තාරකා මේ දවස්වල දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය වලින් විතරයි . ඇගේ ජීවිතේ අලුත් තොරතුරු විමසන්න හිරු ගොසිප් ඇයට කතා කළා.මේ ඇය ගැනයි.

කලා ක්ෂේත්‍රයට එකතු වුණ අලුත් කලාකරුවන් බොහෝ දෙනෙක් රියැලිටි වේදිකාවේ නටනවා .ඒත් ශලනිට ආරාධනා ලැබුණේ නැද්ද ...?

ආරාධනා නම් ලැබෙනවා .එත් රියැලිටි වේදිකාවේ නටන්න නම් මම ආයේ යන්නේ නැහැ . මම මීට අවුරුදු හතකට විතර කලින් නැටුවා .එයින් පස්සේ හිතා ගත්තා මම නටන්නේ නැහැ කියලා .නටන්න ආස හිතුණොත් නටන්න ඕන තැන්වල නටනවා.

අලුත් ටෙලි නාට්‍ය ගැන කිව්වොත් ...?

මේ දවස්වල මගේ නාට්‍යයක් විකාශය වෙනවා .ඊට අමතරව රූගත කළ ටෙලිනාට්‍ය පහක් හයක් විතර විකාශය වෙන්න නියමිතයි .අලුත් නාට්‍ය දෙකකටත්  ආරාධනා ලැබුණා .පිටපත් කියවලා හොඳයි කියලා හිතුණ නිසා ඒ නිර්මාණ දෙක භාර ගත්තා. ඒ නාට්‍ය දෙකේ වැඩ මේ මාසේ පටන් ගන්නවා.

රූපවාහිනි වැඩසටහන්වල නිවේදිකාවක් විදිහට කාලයක් දකින්න ලැබුණා. දැන් ඒ ගැන හිතන්නේ නැද්ද ...?

වැඩසටහන් වලට ආරාධනා ලැබුණත් භාර අරගෙන වැඩ කරන්න කාලයක් නැහැ . ඒ නිසා දැනට වැඩසටහන් කරන්නේ නැහැ .වේලාවක් ලැබුණොත් ආයෙමත් ඒ ගැන හිතනවා.

සිනමා කාචය ඉදිරියේ ශලනිව දකින්න නොලැබෙන්නේ ඇයි ....?

බෙනට් රත්නායක මහත්මයාගේ නෙලා කියන චිත්‍රපටියට සම්බන්ධ වුණා . මම හිතනවා ඒක ලඟදීම විකාශය වෙයි කියලා .ඊට අමතරව තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා .තවම එහි පිටපත් කියවනවා .හොඳනම් භාර ගන්නවා.

හැමදාම නිර්මාණ එක්ක ඉන්නකොට ජීවිතේට විඩාවක් දැනෙන්නේ නැද්ද ...?

දවස ගෙවෙන්නේ වැඩ එක්ක . වැඩත් වැඩියි .එත් එහෙමයි කියලා මට මගේ රස්සාව නැති කරගන්න බැහැනේ .ඒ නිසා ලැබෙන පුංචි විවේකයේදී මම කරන්නේ හොඳට නිදා ගන්න එක තමයි.

ශලනිගේ ලස්සන පවත්වාගෙන යන්න ඒ කාර්යබහුලකම හරස් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ...?

ලස්සනට ඉන්න ඕන කියලා මමත් දන්නවා .මමත් ආසයි ලස්සනට ඉන්න. එත් ලස්සන පවත්වාගෙන යන්න ඇත්තටම මම මහන්සි වෙන්නේ නැහැ .ඒකට හේතුව  වුවමනාවක් නැතිකම නෙමෙයි .වෙලාවක් නැතිකමයි .ලස්සනට ඉන්න කියලා විශේෂ දෙයක් කරන්නෙත් නැහැ.

ඒ කියන්නේ විලාසිතා ගැනවත් හිතන්නේ නැහැ කියන එකද ....?

අලුත් අලුත් විලාසිතා එනවා .මමත් ආසයි විලාසිතා කරන්න .ඒ නිසා අලුත් විලාසිතා එක්ක මමත් අලුත් වෙනවා.

ලස්සන වෙන්න හිතාගෙන වැඩිපුර ශරීරය නිරුවත් වෙන විලාසිතා කරද්දී අම්මාගෙන් තහනම් තහංචි වැටෙන්නේ නැද්ද ...?

මගේ අම්මා මගේ කිසිම දෙයකට තහනම් තහංචි දන්නේ නැහැ . මට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියනවා .එත් මම මගේ නිරුවත වැඩිය පෙන්නන  විලාසිතා කරන්නේ නැහැ .නමුත් ඕන තැන් වැහෙන්න අදිනවා.

ශලනි දැන් පෙම්වතියක් කියන්නේ ඇත්තද .....?
 
මම දැනට පෙම්වතියක් නෙමෙයි. මට පෙම්වතුන් හිටියේ නැහැ කිව්වොත් ඒක බොරුවක් . තිබුණ බැඳීම් නැති වුණේ නොගැලපීම් නිසයි. ලෝකෙට බයේ මම ප්‍රශ්න තියාගෙන එක්කෙනෙක් මත්තේ ජිවත් වෙන්නෙත් නැහැ .කවුරු කොහොම කිව්වත් නොගැලපීම් ආවොත් අයින් වෙනවා .විවාහයට දවසක් තියෙද්දී හරි මට ගැලපෙන්නේ නැහැ කියලා හිතුණොත් මම අයින් වෙනවා .ඒ වගේම මටත් හැගීම් දැනීම් තියනවා. ආදරේ දැනුණ කෙනෙක් මුණ ගැහුණොත් ආයෙමත් මමත් පෙම්වතියක් වෙයි.

ශලිනිගේ විවාහයට දින දාගන්න දැන්ම කැමැත්තක් නැද්ද ...?

විවාහයට හැමදේම සුදානම්.එත් බඳින්න තමයි කෙනෙක් නැත්තේ .අම්මත් මේ දවස්වල මට මනමාලයෝ හොයනවා .බලමු මට ගැලපෙන කෙනෙක් ලැබෙයිද කියලා .නොලැබුණොත් තනිකඩවම ඉන්නවා .

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top