බඩල්ගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් 04 දෙනෙකු එකපාරටම ආ සැඩ පහරට හසුවී අද දිනයේදී මෙලෙස අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අතුරුදන්ව සිටි පිරිස අතරින් තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අනතුරට ලක්වූ තවත් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතින බවයි වාර්තා වන්නේ.