සිවරාසා අනෝජන් නමැති මෙම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් මුල් කරගෙන මුලින්ම ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම වී තිබුණා. නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව ඊයේ (17) දිනයේදී ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා අනාවරණය කළේ.
තමන්ගේ එකම පුතාව ජීවිතයෙන් වෙන් කරන්න හදන මේ නියෝගයෙන් පස්සේ, අසරණ වුණු ඒ අම්මා හඬා වැටෙමින් රජයෙන් සහ මුළු රටෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ගේ පුතාව කෙසේ හෝ බේරා දෙන්න කියායි.
මේ අතර මෙම සංවේදී සිද්ධිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී, එම තරුණයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔහුව බේරා ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට පියවර ගනිමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.