කාලෙන් කාලෙට ඇගේ අපූරු රංගන කුසලතා හරහා වගේම ඇගේ විලාසිතා හරහාත් ප්‍රේක්ෂකයින් අතර නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි සේනාලි කියන්නේ. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ආයෙමත් ඇය ගැන ලොකු කතාබහක් පටන් අරන් තියෙන්නේ ඇය මුහුණුපොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසයි.
මෙවර ඇය ප්‍රේක්ෂකයින් ඉදිරියට ඇවිත් තියෙන්නේ නෙත් සිත් වශී කරන අලංකාර කළු පැහැති සාරියකින් සැරසිලා. සාමාන්‍යයෙන් කළු පැහැය කියන්නේ ඕනෑම කෙනෙක්ගේ පෙනුමට අමුතුම තේජසක් එකතු කරන වර්ණයක්. සේනාලිගේ මේ ස්වභාවික ලස්සනත් එක්ක මේ කළු පැහැති සාරිය ඇයට ගෙනල්ලා තියෙන්නේ පුදුමාකාර ආකර්ෂණයක්. කිසිම කෘත්‍රිම බවක් නැති ඇයගේ ඒ අහිංසක හිනාව මේ රූප රාමුවලට එකතු කරන්නේ අපූරු සුන්දරත්වයක්.
මේ ඡායාරූපවල තියෙන සුවිශේෂීම දේ තමයි සේනාලිගේ පෙනුමෙන් විද්‍යාමාන වෙන ඒ අපූරු ආඩම්බරකමත්, ඊටම ගැළපෙන වැදගත්කමත්. සාරියක් ඇඳලා ඉද්දි කාන්තාවකට ලැබෙන ඒ සාම්ප්‍රදායික ගාම්භීර බව සහ පෞරුෂය මේ ෆොටෝස්වලින් හොඳටම කැපිලා පේනවා. ඇය ඡායාරූපයට මුහුණ දීලා තියෙන විලාසය සහ ඒ බැල්ම තුළ තියෙන ආඩම්බරකාර පෙනුමට නම් වසඟ නොවුණු කෙනෙක් නැති තරම්.
මේ වෙද්දීත් සේනාලිගේ මේ ලස්සන ඡායාරූප ටික ෆේස්බුක් එකේ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා වගේම, රසිකයින්ගෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාරවලින් නම් කිසිම අඩුවක් නැහැ. රූපෙට වගේම රංගනයටත් උපන් හපනියක් වුණු සේනාලිගේ මේ අලුත්ම ලුක් එක, ඇගේ ඒ වැදගත්කමත් එක්කම හැමෝගෙම හදවත් දිනාගන්න සමත් වෙලා තියෙනවා.