Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
Ne-Yoගේ කොළඹ ප්‍රසංගය ගැන අලුත්ම පෙරළියක්… ඩොලර් ලක්ෂ ගණනක ගනුදෙනුවක් මැද දෙපාර්ශ්වයෙන්ම පරස්පර කතා..

- Ne-Yoගේ කොළඹ ප්‍රසංගය ගැන අලුත්ම පෙරළියක්… ඩොලර් ලක්ෂ ගණනක ගනුදෙනුවක් මැද දෙපාර්ශ්වයෙන්ම පරස්පර කතා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

277 Views

කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අවසානයේ අවලංගු වූ ජනප්‍රිය ගායක Ne-Yoගේ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මේ වන විට නැවතත් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ, ප්‍රසංගයේ ප්‍රවර්ධක පාර්ශ්වය විසින් එල්ල කර ඇති චෝදනා සහ නඩු පැවරීම් සම්බන්ධයෙන් Ne-Yoගේ පාර්ශ්වයෙන් දැඩි ප්‍රතිචාරයක් නිකුත් කිරීමත් සමඟයි.

ප්‍රවර්ධන සමාගම පවසන්නේ ප්‍රසංගය වෙනුවෙන් ඩොලර් 284,460කට අධික මුදලක් ගෙවා තිබියදීත් තමන්ට ප්‍රසංගය නොලැබුණු බවයි.

සංචාරක ගාස්තු වෙනස්වීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් ප්‍රසංගය අත්හිටුවීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් තමන්ට සිදුවූ පාඩුව වෙනුවෙන් ගෙවූ මුදල් සහ අමතර අලාභහානි අය කර ගැනීමට නඩු පවරා ඇති බවත් ඔවුන් පවසනවා.

එහෙත් Ne-Yoගේ නියෝජිතයන් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රසංගයට පෙර කලාකරුවාට සම්පූර්ණ ගෙවීම් සිදු කිරීම සහ ගමන් වියදම් ආවරණය කිරීම කොන්ත්‍රාත්තුව යටතේ ප්‍රවර්ධකයාගේ වගකීමක් වූ බවයි.

අවස්ථා කිහිපයකදීම එම වගකීම් ඉටු කිරීමට ප්‍රවර්ධකයාට අවස්ථාව ලබා දී තිබුණද, මූල්‍යමය සම්පත් නොමැතිකම හේතුවෙන් ඔවුන්ට කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට නොහැකි වූ බව Ne-Yoගේ පාර්ශ්වය පවසනවා. ඒ හේතුවෙන් අවසානයේ ප්‍රසංගයෙන් ඉවත් වීමට කලාකරුවාට සිදුවූ බවද ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

මේ අතර, ප්‍රවර්ධක පාර්ශ්වය පවසන්නේ තමන් දැනටමත් විශාල මුදලක් ගෙවා තිබූ බවත්, සංචාරක වියදම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදය හේතුවෙන් ප්‍රසංගය අත්හිටුවීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත්ය.

ඒ අනුව තමන්ට සිදුවූ පාඩුව වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව ඔවුන් සඳහන් කරනවා. මේ සියල්ලත් සමඟ එකම ප්‍රසංගයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම අසන්නට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක්.

එක් පාර්ශ්වයක් තමන් විශාල මුදලක් ගෙවා පාඩුවකට පත්වූ බව කියද්දී, අනෙක් පාර්ශ්වය පවසන්නේ ප්‍රසංගය අවලංගු වීමට හේතුව තමන් නොව ප්‍රවර්ධක පාර්ශ්වයෙන් කොන්ත්‍රාත් වගකීම් ඉටු නොකිරීම බවයි.

ඒ නිසා Ne-Yoගේ කොළඹ ප්‍රසංගය අවලංගු වූයේ ඇත්තටම කාගේ වරදින්ද? යන්න පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී නීතිමය ක්‍රියාවලිය හරහා තීරණය වීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොළඹදී Ne-Yoගේ සජීවී ප්‍රසංගයක් නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටි රසිකයන් අතර මේ සිදුවීම පිළිබඳ කතාබහ නම් තවමත් අවසන් වී නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top