ඒ තමයි තමන්ගේම පියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 16ක බාලවයස්කාර පාසල් වියේ පසුවන පුත්‍රයෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතයි.
සිද්ධිය වාර්තා වන්නේ මාතලේ පොලිස් වසමට අයත් උකුවෙල ප්‍රදේශයෙන්. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උකුවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි 40 හැවිරිදි පියෙක්.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට, මෙම නිවසේ කලක පටන් පැවති පවුල් ආරවුලක් ඊයේ රාත්‍රියේදී නැවතත් දරුණු ලෙස ඇවිලී ගොස් තිබෙනවා. බහින්බස්වීම දුරදිග ගොස් තත්ත්වය පාලනය කරගත නොහැකි වූ මොහොතක, ආවේගශීලී වූ 16 හැවිරිදි පුත්‍රයා අතට හසුවූ තියුණු ආයුධයකින් සිය පියාට පහරදී ඇත්තේ මුළු නිවසම ලේ විලක් බවට පත් කරමින්. බරපතළ තුවාල ලැබූ පියා එම ස්ථානයේදීම අවසන් සුසුම් හෙළා ඇති බවයි වාර්තා වන්නේ.
මව සහ දරුවන් ආරක්ෂා කළ යුතු පියෙකුත්, තමන්ගේ අනාගතය ගොඩනගාගත යුතු වයසේ පසුවන දරුවෙකුත් අතර ඇතිවූ මෙම අවාසනාවන්ත ඛේදවාචකය ප්‍රදේශවාසීන් පවා දැඩි කම්පනයට පත්කර තිබෙනවා.
ඝාතනය සිදුකළ බව කියන 16 හැවිරිදි බාලවයස්කාර සැකකරු මේ වන විට මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සැබෑ හේතුව කුමක්ද යන්න පිළිබඳව මාතලේ පොලිසිය විසින් පුළුල් විමර්ශන සිදුකරමින් පවතිනවා.f