කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (06) දිනට අදාළව නිකුත් කරපු අලුත්ම තොරතුරු අනුව අද සවස් කාලයේ කාලගුණය නම් ටිකක් වෙනස්ම ස්වරූපයක් ගන්නයි සූදානම් වෙන්නේ.
විශේෂයෙන්ම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව අහස කළුවී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ දැඩි හැකියාවක් තියෙනවාලු. ඒ විතරක් නෙවෙයි, ඌව සහ නැගෙනහිර පළාත්වල සමහර ස්ථානවලට නම් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි පවා පතිත වෙන්න පුළුවන් බවයි වාර්තා වෙන්නේ.
ඒ වගේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඉතින් අද සවස හදිසි ගමන් බිමන් යන්න ඉන්න කෙනෙක් නම්, වැස්සට තෙමිලා අමාරුවේ වැටෙන්න කලින් කුඩයක් අත ළඟ තියාගන්න එක කොහොමත් හොඳයි නේද? මේ පණිවිඩය ඔයාගේ යාලුවන්ටත් ශෙයාර් කරලා එයාලටත් පරිස්සම් වෙන්න මතක් කරන්න!