සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් තම ප්‍රේක්ෂකයින් සමඟ සක්‍රීයව රැඳී සිටින ඇය, ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප එකතුවක් එකතු කර තිබුණා.
එම සුන්දර ඡායාරූප සමඟින් ඇය තබා තිබූ සටහන බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම කතාබහටත් ලක්වී තිබෙනවා. මිනිස් හිත්වල තිබෙන සංකීර්ණ බව සහ ජීවිතයේ අත්දැකීම් ගැන හදවතටම දැනෙන විදිහට ඇය තැබූ සටහන මෙන්න.
"මතුපිටින් ලස්සනට හිටපු මිනිස්සුන්ගේ ඇතුලාන්තය දරුණු ලෙස විස පිරිලා තිබුණා. එහෙම මිනිස්සුන්ව ඔයාට ගොඩක් සුදුවට පෙනෙයි. ඇත්තටම මිනිසුන්ගේ බාහිර පෙනුම වගේම අභ්‍යන්තරයත් පෙනුනා නම්, අපිට ගොඩක් මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න පුලුවන්. හමුවෙන හැම හමුවීමක්ම ඒ වගේ. නරකයි වගේ පේන කෙනෙක් හොඳ වෙන්නත්, හොඳයි වගේ පෙනෙන කෙනෙක් නරක වෙන්නත් පුලුවන්. ඒ නිසාම අපිට මේ ලෝකේ විශ්වාස කරන්න අමාරුම අය තමයි 'මිනිස්සු'."
ලස්සන ඡායාරූප එකතුවත් සමඟින් ඇය බෙදාගත් මේ ගැඹුරු අදහස, අද සමාජයේ බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිත ගැන නැවතත් සිතාබලන්නට යම් යම් පාඩම් එකතු කරන බව නම් නොඅනුමානයි.
