2026 වසරේ ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 277,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, මෙය මෙතෙක් ජනවාරි මාසයක වාර්තා වූ ඉහළම සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එකතු වෙනවා.
පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේ සංචාරකයින් 252,761 දෙනෙකු පැමිණ තිබූ අතර, මෙවර එම සීමාව පහසුවෙන්ම අභිබවා යාමට ලංකාව සමත්ව තිබෙනවා.
ජනවාරි මාසයේ දිනකට සාමාන්‍යයෙන් සංචාරකයින් 8,946 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි 15 වැනිදා පමණක් සංචාරකයින් 10,483 දෙනෙකු පැමිණීම විශේෂත්වයක්.
මෙවරත් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 52,061ක්.
රුසියාවෙන් පැමිණෙන පිරිස යම් මට්ටමකින් අඩු වුවත්, බ්‍රිතාන්‍යයෙන් පැමිණි පිරිස සියයට 36කින් වැනි විශාල අගයකින් ඉහළ යාම කැපී පෙනෙන කරුණක්. සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ 2026 වසරේදී අවම වශයෙන් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමට රජය ඉලක්ක කරන බවයි.
2025 වසරේදී සංචාරකයින් මිලියන 2.36ක් පැමිණි අතර, එය එතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික අගයයි.ලංකාවේ අසිරිය බලන්න ලෝකයම අපේ රටට එන එක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක්.