විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වගේම නුවරඑළිය සහ මාතලේ පැත්තේ ඉන්න අයට අද පොඩ්ඩක් කුඩේ අරන්ම යන්න වෙයි.
හවසට ගෙදර යන අයට නම් වැස්සෙන් පොඩි බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඇතැම් තැන්වලට මි.මී. 50ට වඩා තද වැසි වුණත් වැටෙන්න ඉඩ තියෙනවා කියලයි ආරංචිය.
සබරගමුව, මධ්‍යම පළාත්වල වගේම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් තැන්වල මීදුම් සහිත තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ නිසා වාහන පදවන අය ටිකක් කල්පනාවෙන් යන්න.
වැස්සත් එක්ක එන තාවකාලික තද සුළං සහ අකුණු ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. අකුණු අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.