ඉතින් මේ උතුම් පිංකමට සහභාගී වෙන්න එන ජනතාවගේ පහසුව වෙනුවෙන්ම විශේෂ ප්‍රවාහන සේවාවන් සහ රථගාලවල් රැසක් ක්‍රියාත්මක වෙනවා.
ඔබට ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවන්නේ පෙබරවාරි 05 වැනිදා: පෙරවරු 6:00 සිට පෙබරවාරි 11 වැනිදා: උදෑසන 7:00 දක්වා.
වන්දනාවේ එන බැතිමතුන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ පැය 24 පුරාම ගංගාරාමය දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම රථවාහනවලින් පැමිණෙන අයට පහත ස්ථාන දෙකේ රථගාලවල් ක්‍රියාත්මකයි.
පැරණි එම්.ඕ.ඩී. (M.O.D. PARK) භූමියේ රථගාල.
ලේක් හවුස් වටරවුම අසල රථගාල.
ඔබ කොටුව දුම්රිය ස්ථානයෙන් බැස එනවා නම්, පිටකොටුව පැත්තට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. කෙලින්ම ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණෙන්න පුළුවන්. එතැන සිට ඔබට බස් රථ සේවාව ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.