මේ මිල අඩු වීමට හේතුව ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඇති කරගත් විශේෂ වෙළෙඳ ගිවිසුමක් බවයි වාර්තා වෙන්නේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4737 සීමාව දක්වා අඩු වීමත් එක්ක ලංකාවෙත් මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ මෙහෙමයි.
කැරට් 24 රන් පවුමක් රුපියල් 12,000කින් මිල අඩු වෙලා. ඒ අනුව අද මිල රුපියල් 368,000 ක් ලෙස සටහන් වෙනවා. විවාහ උත්සව සහ ආභරණ සඳහා වැඩිපුරම ගන්න කැරට් 22 රන් පවුමක මිල රුපියල් 338,600 දක්වා පහත වැටී තිබෙනවා.
ඉන්දියාව සහ යුරෝපය අතර ඇති වූ මේ ගිවිසුම නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ඉදිරි දිනවලදීත් මේ මිල වෙනස්වීම් වෙන්න පුළුවන් කියලා තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ.