ඇමරිකානු ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ගේ ජීවිතය සහ ඇගේ තීරණාත්මක දින 20ක කටයුතු පිළිබඳව කියැවෙන “MELANIA” වාර්තාමය චිත්‍රපටය ලබන 30 වැනිදා තිරගත වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්තියට පෙර ගත වූ කාලසීමාව අළලා නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය, ඊයේ (24) පෞද්ගලික මට්ටමින් ධවල මන්දිරයේදී ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
MGM Amazon Studios විසින් ඩොලර් මිලියන 40ක දැවැන්ත මුදලකට මිලදී ගත් මෙම චිත්‍රපටය, මෙලනියාගේ අතිශය ජනප්‍රිය වූ ග්‍රන්ථය මෙන්ම ලොව පුරා අතිශය අවධානයක් දිනා ගනු ඇතැයි ට්‍රම්ප් විශ්වාසය පළ කරයි.
Brett Ratner වැනි සුප්‍රකට අධ්‍යක්ෂවරයෙකුගේ දායකත්වයෙන් නිම වූ මෙම චිත්‍රපටය, සැබවින්ම දේශපාලනික සිනමාවේ නව මානයක් වනු ඇත්ද?