මෙම අනතුරෙන් බස් රථයේ රියදුරුවරයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය පරිදි ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන අසල දොර හදිසියේම විවෘත වී තිබෙනවා. එම අවස්ථාවේදී රියදුරු තම අසුනේ සිටම විවෘත වූ දොර වසා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ. එම තීරණාත්මක තත්පර කිහිපය තුළ බස් රථයේ පාලනය ගිලිහී ගොස් මාර්ගය අසල වූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගය මැද පෙරළී ගොස් තිබෙනවා.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුවරයා ආසන පටි පැළඳ නොසිටි බවයි. දොර වැසීමට යාමේදී පාලනය ගිලිහී ඔහු බසයෙන් ඉවතට විසි වන්නට ඇති බවට සැක කෙරෙනවා.
මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා, කාන්තාවක් සහ කුඩා දරුවෙකු තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.
අනතුර හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, පොලිසිය මැදිහත් වී රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සහ පෙරළී ගිය බස් රථය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.