Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
08
මෙහෙම අය කොහොමද ළමයින්ට උගන්වන්නේ.... ලාංකික මහාචාර්යවරයකු ඇමෙරිකාවේදී අත්අඩංගුවට

- මෙහෙම අය කොහොමද ළමයින්ට උගන්වන්නේ.... ලාංකික මහාචාර්යවරයකු ඇමෙරිකාවේදී අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

අමෙරිකාවේ මිචිගන් හි විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇතැයි එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඔහුට එරෙහිව බාල වයස්කරුවෙකුට අතවර කිරීම, ලිංගික ස්පර්ශයකට ආරාධනා කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, දැඩි අශෝභන හැසිරීම සහ අවිනීත හැසිරීම් ඇතුළු අපරාධ ඉතිහාසයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මිචිගන් හි ෆෙරිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සේවය කළ සහකාර මහාචාර්යවරයෙකු වන, ඔහු අමෙරිකාව තුළ ලේඛනගත නොවූ සංක්‍රමණිකයෙකු බව පවසමින් එරට ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 12 වැනිදායි.

මෙය සතියක් ඇතුළත එරටදී විදේශීය විද්වතෙකු අත්අඩංගුවට ගත් දෙවන සිද්ධියයි.

ඔහු දැනට බටහිර මිචිගන් හි නෝර්ත් ලේක් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඒ ආගමන නීති උල්ලංගනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වෙනුවෙන්.

ෆෙරිස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ තොරතුරුවල දැක්වෙන්නේ පශ්චාත් උපාධිධරයකු බව කියන මෙම සැකකරු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියකු බවයි.

2009 සිට ඔහු අමෙරිකාවේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර, මෑතකදී 2023 දී ෆෙරිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වී තිබුණා.

ඔහු දත්ත විශ්ලේෂණ උපදේශන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනවා.

විශ්ව විද්‍යාලය ඔහුට එරෙහි චෝදනා පිළිබඳව දැනගත්තේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී බවයි පැවසෙන්නේ. වැඩිදුර විමර්ශන වෙනුවෙන් ඔහු පරිපාලන නිවාඩු මත තබා තිබෙන බවයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම ලාංකිකයා දශක දෙකකට පෙර නීති බලාත්මක කිරීමේ අංශ සමග ඇති කරගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ නීත්‍යානුකූල තත්ත්වයක් සඳහා සුදුසුකම් නොලබන බවයි එම දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ.

1998 අගෝස්තු 28 වැනිදා ඔහු කැනඩාවේ ඔන්ටාරියෝ හිදී මරණයට හෝ ශාරීරික හානියක් සිදු කිරීමට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී තිබෙන බව ද නිවේදනයේ සඳහන්. ඉන් ඇප ලබා දින 3කට පසුව යළිත් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ බාලවයස්කරුවෙකු සම්බන්ධ ලිංගික ස්පර්ශයකට, ලිංගික මැදිහත්වීමකට ආරාධනා කිරීමේ චෝදනා මතයි . 1998 නොවැම්බර් 12 අධිකරණය විසින් ඔහුට මාසයක සිර දඬුවමක් සහ වසරක පරිවාස කාලයක් නියම කර තිබුණා. කැනඩාවේදී මෙලෙස දරුණු අපරාධ චෝදනාවලට වරදකරු බවට පත්වීම ම අමෙරිකාවේ නීතිමය ආවරණයකට යටත්වීමට නුසුදුස්සකු වන බව අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

2003 සැප්තැම්බර් 25 ලාස් වේගාස් හිදි මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ ප්‍රසිද්ධියේ ලිංගික හෝ අශෝභන හැසිරීම හේතුවෙන්.

2004 ජනවාරි 16 වැනිදා ද ඔහු අමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ශිෂ්‍යයෙකු ලෙස සිටියදී අශෝභන හැසිරීම සම්බන්ධයෙන් වරදකරු වී දඩයක් ගෙවීමකට යටත් වී තිබෙනවා.

අමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ සැකකරු 1998 දී අමෙරිකාවට පැමිණ යළි කැනඩාවට ගොස්, එම වසරේම පසුව ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත නැවත අමෙරිකාවට පැමිණ තිබෙන බවයි.

2012 දී අමෙරිකානු පුරවැසිභාවය සහ ආගමන සේවා සමඟ ඔහුගේ පුරවැසි තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉල්ලුම් කළ විට ඔහු කැනඩාවේ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ බව අමෙරිකානු රජය සොයාගෙන තිබුණා.

විදේශීය විද්වතුන් පරීක්ෂාවට ලක් කිරීම මෑත මාසවලදී ට්‍රම්ප් පරිපාලනය විසින් දැඩි අවධානය යොමු කළ මෙහෙයුමක්.

මොහු විසින් කැනඩාවේදී චෝදනා ලැබ සිටියදීත් වරින් වර අමෙරිකාවේ ආගමන පද්ධතිය තුළින් රිංගායෑමට උත්සාහ කළ බවට අමෙරිකානු රජය පවසනවා.

සැකකාර ලාංකිකයාට එරෙහි එරට නීතිමය කටයුතුවලින් අනතුරුව මෙම මහාචාර්යවරයාට කිසිසේත් අමෙරිකාව තුළ තවදුරටත් රැඳී සිටීමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම ලාංකික මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රසිද්ධියට පත් වූයේ, ඉරාන අධ්‍යයන පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වූ වහීඩ් අබෙඩිනි අධ්‍යයන සමුළුවකට පියාසර කිරීමට පෙර ගුවන් තොටුපළකදී ICE විසින් රඳවා ගනු ලැබූ සතියේදීමයි.

කෙසේ වෙතත්, අබෙඩිනි නීත්‍යානුකූලව H-1B වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයේ සිටි අතර දින තුනකට පසු නිදහස් කර තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top