මහවැලි ජල කඳේ මහා බලයට ඔරොත්තු දෙන්න බැරුව තැන තැන් කීපයකින් කැඩී ගිය මේ ඓතිහාසික මාවිල්ආරු අමුණේ බැම්ම හදන්න නම්, මේ යන ඊසාන දිග මෝසම් වර්ෂාව ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවා කියලා ආරංචියක් යනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය අධ්‍යක්ෂ ඉංජිනේරු කේ. සුබ්‍රමණියම් මහත්තයා කියන්නේ, අමුණට යන පාර තවමත් වතුරෙන් පිරිලා කියලා. ඉතින් වතුර බැස්ස ගමන් බැම්ම පරීක්ෂා කරලා, කොච්චර හානි වෙලාද කියලා තක්සේරු කරන්න තමයි බලාපොරොත්තුව.
මාවිල්ආරුව විතරක් නෙවෙයි සේරුනුවර ගංවතුර ආරක්ෂණ වේල්ලේ නීලපොළ හා දෙහිවත්ත පැතිවලින් ජලය පිටාර ගැලීම නිසා වෙච්ච හානි, කන්තලේ සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ල කැඩී යෑම නිසා වෙච්ච මේ හැම හානියක්ම ඉක්මනින් තක්සේරු කරන්න නියමිතයිලු.