කොළඹ මිල ඉහළ යද්දී, දඹුල්ල වගේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල නම් එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙනවා. වෙළෙඳුන් කියන්නේ දඹුල්ලට එළවළු එන එකේ කිසිම අඩුවක් නැහැ කියලයි.
මේ අතරේ, රටේ එළවළු මිල ඉහළ යද්දී, "එළවළු පිටරටින් ගෙන්වනවා" කියලා පැතිරුණු කතා වලට කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සැරටම උත්තර දීලා තියෙනවා. එතුමා කියන්නේ ඒ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා.