හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් ගිනිනිවන භටයකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මෙම ගින්න වෑන් ෆුක් කෝට් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි කිහිපයක පැතිර ගියා.
නිලධාරීන් උපුටා දක්වමින් පළ වූ වාර්තා අනුව, මිනිසුන් නව දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා.
අමතර පදිංචිකරුවන් සහ ගිනි නිවන භටයන් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා තිබුණා.
පදිංචිකරුවන් 700 ක් පමණ තාවකාලික නවාතැන් වෙත ඉවත් කර කිරීමට වහාම කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, තවත් පිරිසක් ගින්නට හසුවී සිටින බව නිලධාරීන් අනතුරු අඟවනවා.
කොපමණ පිරිසක් තවමත් ඇතුළත සිටින්නේද යන්න පිළිබඳ නිශ්චිත ඇස්තමේන්තුවක් ගිනි නිවන නිලධාරීන් සතුව නොමැති බව ද සඳහන්.
වාර්තාවල පළ වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් තිබූ මහල් 31 කින් යුත් කුළුණුවල බාහිරව සවි කර තිබූ උණ බටලින් තැනූ වටිනා (bamboo scaffolding) දිගේ ගින්න පැතිර ගොස් තිබුණා.
වීඩියෝ දර්ශන අනුව, අවම වශයෙන් එකිනෙකට සමීපව පිහිටි ගොඩනැගිලි පහක් ගින්නෙන් විනාශ වී ඇති බව පෙනෙනෙන්නට තිබෙනවා.