ඒ තමා කරන ලද අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් කුඩා දියණියට ගුවන් සේවිකාවක් විසින් කිරි අඩංගු චොකලට් එකක් ලබා දීමෙන් පසු දරුණු අසාත්මික තත්ත්වයකට පත්වීම හේතුවෙන්.
ස්වේතා නීරුකොන්ඩා නමැති 33 හැවිරිදි මෙම මව සිය 3 හැවිරිදි දියණිය සමඟ අප්‍රේල් 9 වැනිදා වර්ජිනියාවේ වොෂින්ටන් ඩලස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටාර්හි දෝහා වෙත යන ගුවන් ගමනක නිරතව තිබුණා.
නීරුකොන්ඩා ගුවන් ගමනට පෙර සහ ගමන අතරතුර, සිය දියණියට කිරි සහ ඇට වර්ගවලට ඇති දරුණු ආසාත්මිකතාවය පිළිබඳව ගුවන්යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණා.
මව වැසිකිළිය භාවිතා කිරීමට ගිය අවස්ථාවේදී, ඇය සිය දරුවා බලා ගැනීමට කාන්තා ගුවන් සේවිකාවක්ගෙන් ඉල්ලා සිටි අතර, ඇගේ දියණියට ඇති ජීවිතයට තර්ජනයක් විය හැකි ආසාත්මිකතාවය ගැන නැවත වරක් සිහිපත් කර තිබෙනවා.
මව ආපසු පැමිණි විට, ගුවන් සේවිකාව සිය දරුවාට කිරි අඩංගු චොකලට් බාර් එකක් කවමින් සිටිනු දැක කම්පනයට පත් වූ බව පැමිණිල්ල මගින් චෝදනා කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
නීරුකොන්ඩා ගුවන් සේවිකාවගෙන් විමසූ විට ඇය ස්නැක් එක ලබා දුන් බව පිළිගත් අතර, මවගේ කනස්සල්ල උපහාසයට ලක් කරමින් හා අවතක්සේරු කරමින් ප්‍රතිචාර දක්වා තිබූ බව සඳහන්.
නීතිඥ ඒබ්‍රම් බෝරර්ට අනුව, ගුවන් සේවිකාව අවධාරණයෙන් පවසා ඇත්තේ ‘මම ඔබට වඩා හොඳින් දන්නවා’ යනුවෙන්.
ටික වේලාවකට පසුව දරුවා දරුණු ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් අතර, ඇගේ මානසික තත්ත්වය සහ වැදගත් සංඥා සීඝ්‍රයෙන් පිරිහී ගොස් තිබෙනවා.
මව විසින් දියණියට එන්නතක් ලබා දුන් බව සඳහන්.
නඩුවට අනුව, කටාර් එයාර්වේස් සමාගම පැහැදිලි ක්‍රියා පටිපාටි උල්ලංඝනය කර තිබෙන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
සිද්ධියේදී ගුවන් යානයේ ප්‍රචාරක යන්ත්‍රය හරහා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.
මව සාක්ෂිකරුවෙකු යැයි විශ්වාස කරන සහ-මගියෙකු සමඟ තොරතුරු බෙදා ගැනීමට උත්සාහ කරන විට, ගුවන් සේවකයෙකු මැදිහත් වී, එය ගුවන් සේවයේ ප්‍රතිපත්තියට පටහැනි බව කියා තිබෙනවා.
දෝහාහි ගොඩබෑමෙන් පසු පූර්ව ප්‍රතිකාර දෙන්නන් විසින් දරුවාට ඉන්දියාවට යන සම්බන්ධක ගුවන් ගමනට යාමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන්දියාවට ගොඩබෑමෙන් පසු ඇය දින දෙකක් දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර ප්‍රතිකාර ලබා තිබෙනවා.
නීතිඥ බෝරර් පවසා ඇත්තේ මෙය සිතාගත නොහැකි දෙයක් සහ සමාව දිය නොහැකි සිදුවීමක් බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "මවකට මිනිත්තු කිහිපයක් සඳහා තම දරුවා ගුවන් සේවිකාවකට විශ්වාසයෙන් බාර දීමට හැකි විය යුතු" බවයි.
මව විසින් කටාර් එයාර්වේස් සමාගමෙන් ඩොලර් මිලියන 5ක් ඉල්ලා සිටින්නේ, සිදු වූ ආර්ථික පාඩුව සහ කුඩා දරුවා මුහුණ දුන් දැඩි වේදනාව, දුක් වේදනා සහ මානසික පීඩාව වෙනුවෙන් වන්දි ලබා ගැනීමටයි.
මෙම කුඩා දරුවා කිසිම වරදක් නොකර, මේ සියලු කේබල්, වයර්, ඉඳිකටු වලට සම්බන්ධ වූ බව බෝරර් චෝදනා කළා.
කටාර් එයාර්වේස් සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.