මෙම සුවිශේෂී සහයෝගීතාව Art Basel Paris 2025 හිදී එළිදැක්වූ අතර, Art Basel හි ප්‍රමුඛතම ගෝලීය ප්‍රදර්ශන පහේම Premium Partner ලෙස කටාර් එයාර්වේස් කටයුතු කරනු ලබනවා.
මෙම හවුල්කාරිත්වයේ ආරම්භය සනිටුහන් කරමින්, Swizz Beatz සහ Alicia Keys විසින් ආරම්භ කරන ලද 'The Dean Collection' ආයතනය සමඟ කටාර් එයාර්වේස් එක්ව, Qatar Airways Creative 100 වැඩසටහන දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය වාර්ෂික වේදිකාවක් වන අතර, ගෝලීය සංස්කෘතියේ අනාගතය හැඩගස්වමින් සිටින වඩාත්ම බලගතු නිර්මාණකරුවන් 100 දෙනා සැමරීම මෙහි අරමුණයි.
මෙම වැඩසටහන 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වෙන Art Basel Qatar හිදී ප්‍රධාන උත්සවයකින් සමාරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.