මෙය අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිරුණු පුවතක් කියලා ඇත්තටම මේ කතාවට මුල පුරන වෙලාවේම කියන්න පුළුවන්.
එක්තරා කිරි තේ ලෝලියෙකුට, අමෙරිකානු ඩොලර් 14,000ක් වටිනා රන් බටයක් අහිමි වී පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුමකින් නැවත සොයා ගැනීමේ සිද්ධියක් චීනයෙන් වාර්තා වනවා.
තමා විදුලි පාපැදියක ගමන් කරමින් සිටියදී අහම්බෙන් බිම වැටුණු තම රන් බටය නැවත සොයා දෙන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා තිබුණා.
පෙරදිග චීනයේ ෂෙජියැං පළාතේ පදිංචි ෂවු නමැති මෙම පුද්ගලයා තම ප්‍රියතම පානය වන කිරි තේ රස විඳීම සඳහා අමෙරිකානු ඩොලර් 14,000ක් වටිනා රන් බටයක් විශේෂයෙන්ම සාදවා ගෙන තිබුණා.
ඔහු රාත්‍රියේ තම විදුලි පාපැදියෙන් නිවසට යමින් සිටියදී, ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ මෙම රන් බටය, පිටතට වැටී තිබෙනවා.
මෙම බටය සාදවා ගැනීම සඳහා ෂවු විසින් යුවාන් 90,000ක් ගෙවා ඇති අතර, මාසයක් තුළ රන් මිල 10%කට වඩා ඉහළ යාම හේතුවෙන් දැන් එහි වටිනාකම යුවාන් 100,000ක්. එය ග්‍රෑම් 100ක් පමණ බරින් යුක්ත එකක් බව එරට වාර්තා සඳහන් කළා.
රන් බටය නැතිවීම නිසා ෂවු කලබලයට පත් වූ අතර, පැයක් පුරා එය සෙව්වද සාර්ථක නොවූ බැවින් පොලිසියට කතා කර තිබෙනවා.
සිද්ධියට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා, ග්‍රෑම් 100ක් පමණ බරැති රන් බටයක් සොයා දෙන ලෙස Shou ඉල්ලා සිටීම ගැන මුලින් පුදුමයට පත් වූණා.
පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම විදුලි පන්දම් භාවිතා කරමින් මෙම විශේෂ බටය සෙවීමට පටන් ගත්තා.
විනාඩි තිහකට පසු, එය මෑන්හෝලයට මීටර් 100ක් පමණ දුරින් පිහිටි පදික වේදිකාවක් අසල වැටී තිබී සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා.
රන් බටය ආපසු ලැබීමෙන් පසු ඔහු ප්‍රීතියට පත් වූයේ තම බිරිඳගෙන් ලැබීමට තිබූ දඬුවමෙන් මිදුණු බවට පවසමින්.
මේ අතර, එක් ඔන්ලයින් නිරීක්ෂකයෙක් අදහස් දක්වමින්, "ඔහු රන් බටයකින් කිරි තේ බොනවා, නමුත් තවමත් විදුලි පාපැදියක ගමන් කරනවා" යනුවෙන් සඳහන් කර තිබුණා.
