Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
04
කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

- කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මේ කියන්න යන කතාව සමහරවිට ඔබට වැදගත් වෙන්න පුළුවන්.. විශේෂයෙන්ම කාන්තාවන්ට..


අපි කවුරුත් කැමතියි නිරෝගීව කාලය ගත කරන්න.. ඉතින් ඒ නිසා ඔබටත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි...

පියයුරු පිළිකා කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකි බව ඔබ දැන සිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව තමා විසින්ම මසකට වරක් තම පියයුරු පරීක්ෂාකොට යම් වෙනසක් පවතීදැයි හඳුනා ගැනීම වැදගත් වෙනවා.. මෙය අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් විසින්ම සිදුකළ යුතුයි.. එසේ නොමැතිනම්, සායනික පියයුරු පරීක්ෂාවක් කරගැනීමටත් හැකියාව පවතිනවා.. මෙය අවුරුදු 20-40ත් අතර කාන්තාවන් වසර 03කට වරක් සහ අවුරුදු 40ට වැඩි කාන්තාවන් වසරකට වරක් සිදුකරවාගත යුතුයි..

පියයුරු පිළිකා සඳහා අවදානම් කාන්තාවන්..

- පියයුරු පිළිකා හා ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව පවුල් ඉතිහාසයක් සහිත කාන්තාවන්

- පියයුරු පිළිකා/පියයුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්

- වයස අවුරුදු 11ට පෙර වැඩිවියට පැමිණි හෝ අවුරුදු 55ට පසු ආර්තවහරණය සිදුවූ කාන්තාවන් (මාසික ඔසප්වීම් වැඩි ගණනකට මුහුණ දුන් කාන්තාවන්), දරුවන් නොමැති, පළමු දරු උපත අවුරුදු 35ට පසුව සිදුවූ, මව්කිරි ලබානොදුන් කාන්තාවන් හෝ ඌන සාඵල්‍යතාවයක් සහිත කාන්තාවන් ආර්ථවහරණයට පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගුකාලීනව භාවිතා කර ඇති කාන්තාවන් හෝ උපත් පාලන හෝමෝන පෙති අවුරුදු 05කට වඩා භාවිතා කර ඇති කාන්තාවන්

- මේද අධික ආහාර අනුභව කරන හෝ එළවළු හා පලතුරු අනුභවය අඩු කාන්තාවන්

- ස්ථූල බවින් යුතු කාන්තාවන් මෙන්ම ආර්තවහරණයට පසුව බර වැඩි වූ කාන්තාවන්

- ව්‍යායාම අඩු කාන්තාවන්

- මත්පැන් භාවිතා කරන කාන්තාවන්

- දුම්පානයට හුරු වූ හෝ අක්‍රීය දුම්පානයට ගොදුරුවන කාන්තාවන්

- විකිරණවලට නිරාවරණය වූ කාන්තාවන්

රෝග ලක්‍ෂණ
- පියයුරෙහි මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්

- පියයුරෙහි ගැටිත්තක් හෝ ඉදිමීමක්

- පියයුරෙහි ඇතුළට නෙරායෑමක්/වළගැසීමක්

- පියයුරෙහෙි සමෙහි වෙනස්වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට ස්වභාවය වැනි හෝ දදයක්, තුවාලයක්)

- තනපුඩුවේ ගිලීයෑමක් (මෑතකදී ඇති වූ)

- පියයුරෙහි යම් තැනක ඇතිවන අඛණ්ඩ වේදනාවක්

- කිහිල්ලේ ගැටිත්තක් හෝ ඉදිමීමක්

ගැබ්ගෙල පිළිකා
ගැබ්ගෙල පිළිකාව හියුමන් පැපිලෝමා වෛරස (Human palilloma virus) ආසාදනය දිගුකාලීිනව ගැබ්ගෙල ආශ්‍රිතව පැවැතීම හේතුවෙන් ඇතිවන අතර මෙය පූර්ව පිළිකා අවස්ථාවේදීම හඳුනාගැනීම මගින් පිළිකාවක් බවට පත්වීම වළක්වාගත හැකියි.. මේ සඳහා ලිංගික සබඳතා පවත්වන සෑම කාන්තාවක්ම අවුරුදු 35 සිට සෑම වසර 05කට වරක් පැප් පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි.. මේ සඳහා ප්‍රදේශයේ සුවනාරි සායනයට සහභාගි වීම සඳහා කාන්තාවන් උනන්දු කරවන්න..

ගැබ්ගෙල පිළිකා සඳහා වැඩි අවදානමක් ඇති කාන්තාවන් වෛද්‍ය උපදෙස් මත අවුරුදු 35ට පෙර වුවද පැප් පරීක්ෂාව සඳහා යොමු කළ යුතුයි..

අවදානම් තත්ත්ව
- අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්
- බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්
- බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් හා ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්
- දුම්පානයේ යෙදෙන කාන්තාවන් හෝ අක්‍රීය දුම්පානයට ගොදුරුවන කාන්තාවන්
- විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිකරණය හීන කරවන ඖෂධ ලබාගන්නා කාන්තාවන්

රෝග ලක්‍ෂණ
- ගැබ්ගෙල පිළිකා පූර්ව පිළිකා අවස්ථාවේදී කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන අතර පිළිකාවක් බවට පත්වීමෙන් පසුව පහත රෝග ලක්‍ෂණ පෙන්වයි.
- යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනයවීම.
- ලිංගික සංසර්ගයට පසු රුධිරය වහනයවීම.
- ලිංගික සබඳතාවලදී දැඩි වේදනාවක් ඇතිවීම.
- යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයකින් යුතු ස්‍රාවයක් පිටවීම.
- ආර්තවහරණයෙන් පසු ද යෝනි මාර්ගයෙන් රුධිරය වහනයවීම.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top