මේ බොරැල්ලේ අනතුර ගැන ඇහෙන කතාවක්...
බොරැල්ල, කනත්ත හන්දියේ දී අද උදෑසන සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වෙනවා.
ඒ, අත්අඩංගුවට ගැනුණු රියදුරාට සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවයි.
අද (28) පෙරවරුවේ බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරෙන් තුවාල ලැබු පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.
ඔවුන් අපරාධ වාර්තා කොට්ඨාසයට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන්.
එම අනතුරින් තුවල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තුවාල ලැබූ පිරිස අතරින් දෙදෙනෙකු කාන්තාවන් බවත්, ඉතිරි පස්දෙනා පිරිමි පුද්ගලයින් බවයි කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ.
බොරැල්ල කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසලදී මෙම මාරක අනතුර සිදුව තිබුණා.
අනතුරින් මියගිය තැනැත්තා අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙක් බවද අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදු කළ දොඹකරයේ හිමිකරු ද බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හෙට(29) අළුත්කඩේ අංක 02 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.