මෙහෙම පුද්ගලයෙක් ළමා රෝහලට ඇතුළු වුණේ කොහොමද...? මේ වෙද්දී ඒ ගැන පර්‍යේෂණ ක්‍රියාත්මකයි..
මොකක්ද මේ සිද්ධිය, මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ඊයේ පෙරවරු 11ත් 12ත් අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන ගිය පුවතක් වාර්තා වුණා..
අනතුරුව අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑමේදී සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහරදී ඇති අතර සැකකරු පසුව, රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ..
බොරැල්ල පොලීසිය පැවසුවේ, සැකකාර පුද්ගලයා රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවයි... කෙසේ වෙතත්, තුවාල ලැබූ රෝහල් සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වුණා..
එසේම අදාල සැකකරු සොයා තවමත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි..