Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
27
විටමින් ඩී අඩු වුනාම මොකද වෙන්නේ ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න...

- විටමින් ඩී අඩු වුනාම මොකද වෙන්නේ ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,839 Views
අපි හැමදෙනාම නීරෝගී ජිවිතයක් ගෙවන්න කැමතියි...

නිරෝගී දිවිපෙවෙතක් කියන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයක්. නීරෝගී කම උතුම්ම ධනය කියලා කියන්නේ නිකම් නෙමෙයි.... ඒ තරම්ම වටිනවා... නීරෝගීව ජීවත්වීම....
ඉතිං අද අපි බලමු නීරෝගීව ඉන්න අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ගයක් ගැන... ඒ තමයි විටමින් D .....

රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කරනු ලබන හෝමෝනයක් ලෙස විටමින් D වැදගත් වෙනවා.

අප එදිනෙදා ආහාරයට ගන්න ආහාර ශරීරයට අවශෝෂණය කර ගැනීමේ කාර්යයටත් විටමින් D වලින් ප්‍රධානම මෙහෙයක් ඉටු වෙනවා. ඒ වගේම මිනිස් ශරීරයේ අස්ති සහ දත් ශක්තිමත් කිරීම සඳහාත් විටමින් D වලින් වැදගත් මෙහෙයක් ඉටු කෙරෙනවා.

ශරීරයට කැල්සියම් (Calcium) සහ ෆොස්ෆරස් (Phosphorus) නිවැරදිව අවශෝෂණය කරගැනීම මඟින් තමයි මේ කාර්‍යයයන් වඩාත් හොඳින් සිදු කරන්නේ.

කොහොමද විටමින් ඩී ශරීරයට ලබා ගන්නේ ?.

ප්‍රධාන වශයෙන්ම අපි පෝෂක ශරීරයට ලබාගන්නේ ආහාර වලින් බව ඔබ දන්නවානේ?

ඉතින්, විටමින් ඩී අවශ්‍යතාවයත් ඒ වගේම සපුරාගන්න පුලුවන්.

බිත්තර කහ මදය, රතු මස්, සත්ව අක්මාව, යෝගට්,කිරි, මාගරින්,කුඩාමාලු, ඇතැම් ධාන්‍ය වර්ගත් විටමින් ඩී සපිරි ආහාර විදියට පෝෂණවේදීන් ආහාර වට්ටෝරු සඳහා යෝජනා කරනවා.

ඒ වගේම ආහාර වලින් ලබාගන්නා විටමින් ඩී වලට අමතරව හිරු එළියට නිරාවරණය වීම මඟිනුත් විටමින් ඩී ශරීර ගත කරගන්න හැකියාව ලැබෙනවා.

මුලදී යෝජනා කරලා තිබුනේ උදෑසන 7 ,8, 9 වැනි කාලවලදී හිරු එළිය සිරුරට අවශෝෂණය කරගත යුතු බවට උනත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව විටමින්ඩී ඔබේ ශරීරයට අවශෝෂණයට සුදුසුම වෙලාව උදෑසන 10.00ත් සවස 3.00ත් අතර කාලය බවත් යෝජනා කෙරිලා තියෙනවා.

ඒ කාලය ඇතුලතදී විනාඩි පහලොවක් විස්සක් වගේ කාලයක් සාමාන්‍ය ඇඳුමකින් සූදානම් වෙලා හිරු එළියට ඔබව නිරාවරණැය වීම සුදුසු බව තමයි යෝජනා කෙරිලා තියෙන්නේ.

ඒ වගේම ආහාර වලින් සහ හිරු එළියෙන් ප්‍රමාණවත් විටමින් ඩී ප්‍රමාණයක් ඔබට නොලැබෙන බව වෛද්‍යවරුන් සොයාගත්තොත් විටමින් ඩී පෙති සහ දියර විදියට නියමිත මාත්‍රාවලින් ශරීරයට ලබා දෙන්නත් ඔබට හැකියාව තියෙනවා.

වෛද්‍ය උපදෙස් එක්ක ඒ වගේ ආහාර අතිරේක ලබාගන්න එකත් ඔබට විටමින් ඩී අඩුවක් ණැතිව ශරීරයට ලබා දෙන්න වැදගත්.

විටමින් ඩී ශරීරයට කොච්චරක් අවශ්‍යද ?

අපේ ශරීරයට අවශ්‍ය වන විටමින් ඩී ප්‍රමාණය වයස් ඛාණ්ඩ වලට අනුව වෙනස් වෙනවා.

ඒ වගේම එක් එක් පුද්ගලයන්ගේ වර්ගීකරණයත් විටමින් ඩී අවශ්‍යතාවයට බලපානවා. විශේෂයෙන්ම අස්ථි වර්ධනය වේගවත්ව වන ළදරු සහ ළමා අවධියේදී, ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ට මයික්‍රොග්‍රෑම් 10 (10mcg) සිට 20mcg ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය බව වෛද්‍ය පර්‍යේශක මත වලින් කියැවෙනවා.

විටමින් ඩී නැති වුනාම මොකද වෙන්නේ ?

විටමින් ඩී කියන්නේ ශරීරටය ඉතාම අත්‍යාවශ්‍ය විටමිනයක් බව දැනටම ඔබ දන්නවානේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනි අනෙක් කාරණාව තමයි විටමින් ඩී කියන්නේ කොයිතරම් අත්‍යාවශ්‍ය විටමිනයක් වුනත්, වැඩියෙන් ශරීරයට ලබාගන්නා එකත් ඒ තරම් හොඳ නැති බව. දිර්ඝ කාලීනව විටමින් ඩී වැඩිපුර ශරීරයට එකතු කරගන්න කවුරුන් හො කටයුතු කලොත් එය අතුරු රෝගාබාධයන්ට හේතු වන්නට පිලිවන්.විශේෂයෙන්ම ශරිරය තුළ කැල්සියම් එකතු වෙලා අස්ථි දුර්වලව ගිහිල්ලා, වකුගඩු සහ හදවතට හානි සිදුවෙන්නත් පුලුවන්.

විටමින් ඩී අඩුවෙන් ශරීරයට සැපයීමත් මේ වගේම රෝගාබාධයන්ට හේතු වෙනවා. ශරීරයට වෙහෙස, තෙහෙට්ටුව, ශරීරයේ කැක්කුම් සහ වේදනා, ඔස්ටියෝපොරෝසිස් වගේ දරුණු අස්ථි සහ මාංශපේෂි වේදනාවලට වගේම අස්ථි ඉරිතලා යෑම් සහ බිඳීම් වගේම කැඩී යාම් පවා සිදුවෙන්න පුලුවන්.

ඒ වගේම විටමින් ඩී අඩු වුනාම නින්දේදි ඇතිවන ශ්වසන අපහසුතා තත්ව ඇති වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔබේ මතක ශක්තිය අඩු බවක් ඔබට දැනෙනවා නම් ඒකට හේතුවක් වෙන්න පුලුවන් විටමින් ඩී අඩුවීම. ඒ වගේම දවල් කාලයට දැනෙන දැඩි මහන්සිය සහ කාන්සියටත් මේ විටමින් ඩී ඌණ වීම බලපානවා. ඇඟේ පතේ තෙහෙට්ටුව, අස්ථි වේදනාව, කොන්දේ වේදනාව, මාංශපේශි වල කැක්කුම්, මානසික අවපීඩනය, ප්‍රතිශක්තිය අඩු වීම කියන්නේත් විටමින් ඩී ඌණ වීම නිසා ඔබට මුහුණ දෙන්න වෙන අහිතකර බලපෑම්

නිසි පරිදි විටමින් ඩී ශරීරයට සපයා ගත්තාම ඇතැම් රෝග ඇතිවීමේ අවධානම අඩු කරගෙන වඩා සුවපත් ජීවිතයක් ගෙවන්න ඔබට හැකියාව ලැබෙන බවත් කියන්නම ඕනි.

උපුටාගැනීමකි...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top