කවුද ඉතින් අකමැති හැඩට ඉන්න.. ඇත්තටම අපි හැමෝම එහෙම ඉන්න කැමතියිනේ...
ඇඟේ හැඩය ගැන වගේම ඔබේ සමේ පැහැයත් ලස්සනට තියාගන්න කැමති අයට තමයි මේ පණිවිඩය ගොඩක්ම වැදගත් වෙන්නේ..
අපේ සිරුරේ හැඩය නැති කරන ප්‍රධානම සතුරා තමයි අනවශ්‍ය මේදය.. මේ අනවශ්‍ය මේදය ඇඟේ තැන්පත් වුණාම අපේ ඇඟේ ලස්සන හැඩය ටිකෙන් ටික නැතිවෙලා යනවා.. අපි ටිකෙන් ටික තරබාරු වෙනවා... ඊට පස්සේ ආපහු සුන්දර සිරුරකට හිමිකම් කියන්න නම් යම් කාලයක් තිස්සේ බොහොම ඉවසීමෙන් අපිට විවිධ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා..
ඉතින් අපිට ඒ සඳහා ව්‍යායාම, ආහාර පාලනය වගේ ක්‍රියාවලි කරන අතරතුර අපේ සිරුරේ පරිවෘත්තිය වේගය ඉහළ නංවන මේදය දහනය වේගවත් කරන, රසවත් ගුණවත් පාන වර්ග වල සහාය ලබාගන්න පුළුවන් නම් ඇත්තටම එය අපිට මහත් අස්වැසිල්ලක් වන බව නොඅනුමානයි.. ඉතින් අන්න ඒ වගේ මැජික් බීම වර්ග හතක් ගැනයි අද මේ කතාව..
ඉතින් ඔබත් උදෑසන වතුර වීදුරුවක් පානය කිරීමෙන් පසු මාරුවෙන් මාරුවට අද කියලා දෙන මේ මෙම පාන වර්ග හදාගෙන බොන්න. .ඔබේ සුන්දර සිරුරකට හිමිකම් කීමේ සිහිනය සැබැවින්ම වැඩි ඈතක නොවේවි..
ඇඟ හැඩ කරන බීම වර්ග 07 මෙන්න..
කැරට් පානය
-කැරට් ගෙඩි 02 ක්
-දෙහි ගෙඩියක්
-ඉඟුරු කැබැල්ලක්
-මී පැණි ස්වල්පයක්
-ලුණු ස්වල්පයක්
-වතුර වීදුරුවක්
මෙම ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩර් කර පානය කරන්න. මේදය දහනයට වගේම සම පැහැපත් කරගැනීමටත් ඉතා ගුණදායකයි.
කරවිල පානය
-කරවිල 100g
-මී පැණි ස්වල්පයක්
-වතුර වීදුරුවක්
-ලුණු ස්වල්පයක්
විෂබීජ නාශක ගුණයක් සේම මේදය දහනය කිරීමේ ගුණයක් ද මෙම කරවිල පානය සතුයි. සියල්ල බ්ලෙන්ඩර් කර පානය කරන්න.
ඩෙටොක්ස් වෝටර්
-කෝමාරිකා මදයක්
-පිපිඤ්ඤා ගෙඩියක්
-ඉඟුරු කැබැල්ලක්
-ලෙමන් ගෙඩියක්
-මින්ට් කොළ
-කුරුඳු හැන්දක්
-වතුර ජෝගුවක්
මෙම අමුද්‍රව්‍ය සියල්ල වතුර ජෝගුවට කපා දමා දිනක් පමණ ශීතකරණයේ තබා පසුදා සිට උදෑසනට පානය කරන්න. විශේෂයෙන් උදරය ආශ්‍රිත මේදය දහනයට ඩෙටොක්ස් වතුර උපකාරී වෙනවා.
දෙළුම් පානය
-දෙළුම් ගෙඩියක්
-වතුර වීදුරුවක්
දෙළුම් වතුර සමඟ බ්ලෙන්ඩර් කර පානය කරන්න. මේදය දහනයට වගේම ශරීර සෞඛ්‍යයටත් මෙම පානය ඉතා ගුණදායකයි.
කොමඩු පානය
-කොමඩු ගෙඩි 1/2 ක්
-දෙහි ගෙඩියක්
-මී පැණි ස්වල්පයක්
-වතුර වීදුරුවක්
මේ සියල්ල බ්ලෙන්ඩර් කර පානය කරන්න.
පිපිඤ්ඤා පානය
-පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩියක්
-මී පැණි හැන්දක්
-ලෙමන්
-මින්ට් කොළ හෝ පාස්ලි කොළ
-අයිස් වතුර වීදුරුවක්
මේ සියල්ල බ්ලෙන්ඩර් කර පානය කරන්න. උදරය ආශ්‍රිත මේදය දහනය කර ගැනීමට විශේෂයි.
අන්නාසි පානය
-අන්නාසි ගෙඩි 1/2 ක්
-දෙහි ස්වල්පයක්
-වතුර වීදුරුවක්
මේ සියල්ල බ්ලෙන්ඩර් කර පානය කරන්න. මේදය දහනයට ඉක්මණින් ක්‍රියාකාරී වන පලතුරක් ලෙස අන්නාසි පෙන්වාදිය හැකියි.
අන්තර්ජාලය ඇසුරෙන්..