Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...

- මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

408 Views
මේ කියන්න යන්නේ අලුත් සතිය ඔබට කොහොමද කියලා...

මේෂ – රැකියා ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 10, 11, 12, 01 යන භාවයන් හරහාය. රැකියා ව්‍යාපාර ලාභ හිමිවන දුර ගමන් බිමන් යෙදෙන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනය සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන ගෙදර දොර අලංකාරත්වය ඇති කෙරෙන වාසනාවන්ත සතියකි. සෙම් රෝග වැඩිවේ. අපල අවම වීමට භාවනාවක නිරත වන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – රතු / සුබ දවස – අඟහරුවාදා, ඉරිදා.

වෘෂභ – පුණ්‍ය කටයුතුවල නිරත වෙයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. විදෙස් ගමන් යෙදෙන සහ විදේශවල සිටි හිතවතුන් පැමිණෙන සතියකි. පුණ්‍ය කටයුතුවලට නිරාසයෙන් යොමු වෙයි. රැකියා ව්‍යාපාරවලින් ආදායම් ලබයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර මෙන්ම ධන ලාභද ගෙන දෙයි. අපල අවම වීමට ගහ කොළට පරිසරයට ආදරය කරන්න.
සුබ අංක – 6 / සුබ වර්ණ – ක්‍රීම්, රෝස / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ ඇත. ඉන්පසු දින කිහිපය තම දියුණුවට අදාළ වැඩ කටයුතු කර ගනිමින් පිනට දහමට යොමු වෙමින් යහපත් අයුරින් ගත වෙයි. රැකියා ව්‍යාපාර ලාභ ලබයි. වෙනත් ලැබීම්ද ඇත. අපල අවම වීමට කුඩා දරුවන් ආරක්ෂා කර දෙන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, බදාදා.

කටක – ආර්ථිකය යහපත්
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 1 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් වැඩිදුර ආදායමක් ලැබිය හැකි සතියක් වන අතර ස්වයංරැකියා ආරම්භ කිරීමටද සුබය. පුණ්‍ය කටයුතු සමාජ සුබසාධන සේවාවලට සහභාගිත්වය ඇති කරයි. ගෙදර දොර සාමකාමී වාතාවරණයක් සහ ආර්ථිකයද යහපත්ය. අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක – 2,5/ සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.

සිංහ – දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. සතුරු කරදර අවම වන අතර අමනාපව සිටි අය මිතුරු වේ. රැකියා අංශවල දියුණුවක් ද හවුල් ව්‍යාපාරද ආරම්භ වේ. ආර්ථිකය ශක්තිමත්ය. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය පෙන්නුම් කරයි. සතිය අවසානයේ පුණ්‍ය කටයුත්තකට සහභාගිත්වය ගෙන දෙයි. අපල අවම විමට මවට පියාට සලකන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.

කන්‍යා – පෙර පින් බලවත් වේ
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සපල වේ. කරන කියන රැකී රක්ෂා වෙළ හෙලඳාම් ආදියෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. පෙර පින සහ දැනට කරන පුණ්‍ය කටයුතුවලින් සුබපල උදාකර අරමුණු කරා යා හැකි මාර්ග සැකසෙයි. අපල අවම වීමට කුඩා දරුවන් ආරක්ෂා කර දෙන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා, බාදාදා.

තුලා – ගෘහ ජීවිතය සාමකාමීයි
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සාමකාමී වේ. දරුවන්ගේ පූර්ව අධ්‍යාපනය යහපත් අතට හැරේ. ව්‍යාපාර නවීකරණය කරයි. ඇවිදිලි වැඩි රැකියා කරන්නට සිදුවෙයි. මවගේ සහයෝගයක් ලැබෙන මාපිය දූ දරු සබදතා තර කෙරෙන සතියකි. අපල අවම වීමට බෝධී පුජාවලට සහභාගි වන්න.
සුබ අංක – 6 / සුබ වර්ණ – සුදු , ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

වෘශ්චික – සහජ හැකියාවන් මතු කරයි.
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර සබඳතා ශක්තිමත් වන අතර මාපිය දූ දරු එකමුතුව පෙන්නුම් කරයි. පදිංචි ස්ථානයේ යම්කිසි නවිකරණ කටයුත්තක් සඳහා උනන්දු වෙයි. පුණ්‍ය සිතුවිලිවලට බර වැඩි සතියකි. සැහැල්ලු මනසකින් වැඩ කරයි. සහජ හැකියා මතු කරයි.
අපල අවම වීමට කතරගම දෙවියන්ට පින් දෙන්න.
සුබ අංක 4, 5 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.

ධනු – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ධනය ලැබෙන මාර්ග වැඩි වර්ධනය වේ. සහජ හැකියාවන් තුළින් ස්වයංරැකියා ආදියට යොමුවෙයි. දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය විධිමත් අයුරින් සිදු කෙරේ. දරුවන් පිළිබඳ සතුට සැනසීම ලබා දෙයි. අපල අවම වීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – ඉරිදා, බදාදා.

මකර – ගෞරවය කීර්තිය ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. සාමාජීය සුබසාධක අංශ සහ පුණ්‍ය කටයුතු සිදු කරන සතියක් වන අතර ගෞරවය කීර්තිය ගෙන දෙයි. උසස් උගත් මිතුරන් මුණගැසේ. පූජ්‍ය පක්ෂයේ සහ වැඩිහිටි ඇසුරද ඔවුන්ගේ අවවාද අනුශාසනා හිමිවෙයි. අපල අවම වීමට විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.
සුබ අංක – 6, 8,9 / සුබ වර්ණ – නිල් / සුබ දවස – සිකුරාදා.

කුම්භ – කීර්ති ප්‍රසංශා
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය පාඩු හෝ නිෂ්පල ගමන් යෙදිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉන්පසු කාලය යහපත් අයුරින් ගෙවී යයි. කීර්ති ප්‍රසංශා ලැබෙන වැඩ කටයුතුවලට සහභාගී වන්නට ලැබෙයි. ආර්ථිකය සවිමත් සහ ලාභ ප්‍රයෝජන ඇත. අපල අවම වීමට තිරිසන් සතුන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

මීන – ලැබීම් සහිත ආර්ථිකයක්
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය සහ දෙවැන්න හරහාය. සියලු ලැබීම් සහිත ආර්ථිකය ශක්තිමත්ය. දුවා දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙන සතියකි. කීර්තිය ගරුත්වය ලැබෙනු ඇත. විදෙස් හිත මිතුරන් පැමිණේ. තැන්පත් ධනයක් පවත්වා ගැනීමට උනන්දු වන්න. අපල අවම වීමට බෝ මළුව අමැද පැන් කළයක් බෝධීන් වහන්සේට වක් කරන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top