Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
01
ඔබේ හදවත සුරකින කැරට් යුෂවල ගුණ මේ තරම් කියලා දැනගෙන හිටියාද..?

- ඔබේ හදවත සුරකින කැරට් යුෂවල ගුණ මේ තරම් කියලා දැනගෙන හිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

කැරට්, අපේ රටේ බහුලව භාවිත කරන ආහාරයක්..

පිසූ විට රසවත් ව්‍යංජනයක් වන කැරට් තම්බා ආහාරයට ගන්නත් ගොඩක් දෙනෙක් අද වෙනකොට පෙළඹිලා..


ඒ විතරක් නෙවෙයි, සුප් සැලඩ් ආදිය සඳහාද කැරට් කියන්නේ නැතුවම බැරි දෙයක්.. ඒ වගේම අද වෙනකොට කැරට් යුෂ පානයටත් ගොඩක් දෙනෙක් පෙළඹිලා.. මේ කියන්නේ අන්න ඒ ගැනයි.. විටමින් සහ පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් කැරට් , ශරීරයට අත්‍යවශ්‍ය තන්තුවලින් සමන්විත ප්‍රභවයක් ද වෙනවා... මේ නිසා කැරට් යුෂ පානය කිරීම මගින් ඔබේ සෞඛ්‍යයට , සමට සහ පෙනීමට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ...

හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි
කැරට් යුෂ යනු පොටෑසියම් වල ඉතා හොඳ ප්‍රභවයක් වන අතර එය නිසි රුධිර පීඩනය නියාමනය කිරීමේදි වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන ඛනිජයක් ලෙස සැලකෙනවා.පොටෑසියම් ප්‍රමාණවත් තරම් ලබා ගැනීම මගින් අධික රුධිර පීඩනය සහ ආඝාතයෙන් ආරක්ෂා විය හැකි බව පර්‍යේශන මගින් පෙන්වා දී තිබෙනවා.

පෙනීම ශක්තිමත් කරයි
කැරට් යුෂ වල විටමින් A වර්ගයක් වන බීටා කැරොටින් ඉහළ මට්ටමක පවතිනවා.එය ඇසේ මතුපිට ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඉතා හොඳ පෙනීමක් සඳහා දායක වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකද අඩංගු වනවා.කැරට් යුෂ පානය කිරීම මගින් ඇසේ සුද , අක්ෂි පරිහානිය සහ අන්ධභාවය ඇති වීම වැනි තත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
කැරට් යුෂ වල විටමින් C සහ A වැනි සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වන අතර එමගින් ඔබේ ශරීරයේ ආසාදන තත්වයන් , සෛල වලට හානි වීම් , දැවිල්ල , සෙම්ප්‍රතිශාව සහ උණ වැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය විශාල ලෙස අඩු කරනවා.විටමින් . K, B6, පොටෑසියම් සහ පොස්පරස් වැනි අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරන අතර ශක්තිමත් ස්නායු පද්ධතියකටද හේතු වනවා. මේ සියලු කාරණා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙනවා.

මොළයේ සෞඛ්‍ය සහ සංජානන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි
දිනපතා කැරට් යුෂ පානය කිරීම මගින් මොනදේ සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කළ හැකි වන අතර මතක ගැටළු ඇතිවීමේ අවදානමද අඩු කරනවා.කැරට් යුෂ මගින් ඔබව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් තබා ගැනීමට අවශ්‍ය වන දෛනික පොටෑසියම් ප්‍රමාණය ද සපයන අතර කැරට් යුෂ කෝප්පයක පොටෑසියම් මිලිග්‍රෑම් 689 ක් අඩංගු වනවා.එය ඔබගේ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් 17% කට වඩා සපුරනවා.ඊට අමතරව කැරට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට මොළයේ ඔක්සිකාරක ආතතියද අඩු කළ හැකි වනවා.

සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි
කැරට් යුෂ වල කොලජන් නිශ්පාදනය සඳහා අවශ්‍ය වන සංඝටක අඩංගු වන අතර සම පැහැපත් කිරීමට , දීප්තිමත් කිරීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට අවශ්‍ය වන විටමින් සී ද අඩංගු වනවා. විශේෂයෙන්ම කැරට් යුෂ වල අඩංගු වන බීටා කැරොටීන් මගින් පාරජම්බුල කිරණ වලින් ඔබේ සමට ඇති විය හැකි හානි වලින් ඔබේ සම ආරක්ශා කරනවා . පොටෑසියම් ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙස වියළි සමක් ඇතිවීම සිදුවනවා. කැරට් යනු පොටෑසියම් වලින් පොහොසත් ප්‍රභවයක් නිසා එය ඔබේ සම සජලනය කිරීමට සමත් වනවා.

අජීරණ තත්වයන් සහ මල් බද්ධය වැනි තත්වයන් මග හරවයි
කැරට් යනු තන්තු වලින් පොහොසත් ප්‍රභවයක්.ඔබ අක්‍රමවත් මලපහ පිටකරන අයෙක් නම් හෝ නිතර අජීර්ණයෙන් පෙළෙන අයෙක් නම් දිනපතා කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම ආහාර දිරවීමේ ක්‍රියාවලිය මනාව පවත්වා ගැනීමට උපකාරී වනවා. කැරට් වල ද්‍රාව්‍ය සහ දිය නොවන තන්තු වල පරිපූර්ණ මිශ්‍රණයක් ඇති අතර එය ආහාර දිරවීමට සහ මලබද්ධය වළක්වනවා.

බර අඩු කිරීමට උපකාරි වෙයි
ඔබට ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කිරීමට සහ ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අවශ්‍ය නම්, අනිවාර්යයෙන්ම කැරට් යුෂ වීදුරුවක් ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගන්නට පුළුවන් . කැරට් වල තන්තු අඩංගු නිසා, එය ඔබව දිගු වේලාවක් තෘප්තිමත් කරන අතර ආහාර රුචිය වළක්වමින් ප්‍රධාන ආහාර වේල් වලට අමතරව නිතර කුසගිනි දැනීම වළක්වනවා.එමගින් ඔබේ ශරීරයෙ අවශ්‍ය ලෙස බර වැඩි වීමද පාලනය කරනවා.



අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top