Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
ඔයාගෙත් අත පය එකපාරට හිරි වැටෙනවද? එහෙම වෙන්න හේතු සහ ප්‍රතිකර්ම මෙන්න…

- ඔයාගෙත් අත පය එකපාරට හිරි වැටෙනවද? එහෙම වෙන්න හේතු සහ ප්‍රතිකර්ම මෙන්න…Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
අත පය හිරිවැටීම කියන්නෙ ගොඩක් දෙනකුට තියෙන එහෙත් බොහෝ දෙනෙක් නොසලකා හරින රෝගයක්.

එය නොසලකා හැරීම යහපත් දෙයක් නොවන බව අවබෝධ කරගත යුතුයි.

අත්පය හිරිවැටීම්, ඇඟිලි හිරිවැටීම් ඇතැම් විට හිරිවාතයක් හෝ වාත රක්තවාත අවස්ථාවක් ලෙස හඳුනාගන්න පුලුවන්.

එහෙත් සෑම හිරි වැටීමක්ම අපේ ශරීරයේ ඇති අභ්‍යන්තර රෝගයක්, කායික හෝ මානසික ආබාධයක් පිළිබඳ රෝග ලක්ෂණයක්ද විය හැකියි.

අතේ හෝ පයේ මෙම තත්ත්ව ආරම්භ වන්නේ ඇඟිලි හිරිවැටීමෙනුයි. මෙවැනි තත්ත්වයක් හට ගන්නේ ස්නායු ආවේගවල ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසායි.

ස්නායු ආවේග දුර්වලවීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ස්නායු තදවීම හෝ තෙරපීම, ස්නායු අවට වෙනත් ඛණිජ වර්ග තැන්පත් වීම හා විටමින් ඌනතා ස්නායු ආවේග දුර්වල වීමට හේතූන් වෙනවා.

මෙවැනි සංකීරණයන් තුළ අතපය හිරිවැටීම නිශ්චිතව සිදුවන්නේ කෙසේද කියලා කිව නොහැකියි.

සමහරවිට වෙනත් රෝගවල ලක්ෂණයක් හෝ රෝගයක උපද්‍රවයක්ද විය හැකියි.

අතපය හිරිවැටීම් සහිත පුද්ගලයන්ගේ අක්මාවේ ප්‍රශ්න තියෙන්නට පුලුවන්. වකුගඩු දුර්වල වීමේදීත් කකුල් හිරිවැටීම සිදුවෙනවා. සන්ධි ආශ්‍රිත ස්ථානවල රුධිර නාලවල තෙරපීම් නිසාද හිරිවැටීම් ඇති විය හැකියි.

අපි දැන් ඒවාට ප්‍රතිකර්ම මොනවාදැයි බලමු.

නිසි ආහාර පුරුදු ඇති කරගැනීම


අප නිරන්තරයෙන් ගන්නා ආහාර ද මෙම අතපය හිරිවැටීම්වලට බලපානවා. උෂ්ණාධික ආහාර අධික වාතය වඩන ආහාර, සමබල ආහාරයක් නොවන ආහාර ගැනීමෙන් හිරිවැටීමේ තත්ත්ව ඇති වෙනවි. ඉස්සන් දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගන්නා පුද්ගලයන්, වැඩිපුර කැල්සියම් සහිත ආහාර ගන්නා පුද්ගලයන්ට හිරි වැටීම් තත්ත්ව ඇති වෙන්න පුලුවන්.

ස්නායු බන්ධනවල ක්‍රියාකාරිත්වයට ඛණිජ, විටමින් වැනි විශේෂ පෝෂණ පදාර්ථ අවශ්‍යයි. එවැනි පෝෂණ ලැබෙන්නේ සමබල ආහාර වේලක් මගින්. ආයුර්වේදය පැත්තෙන් කිව්වොත් ත්‍රිදෝෂ සමනය කරන, ත්‍රිදෝෂ කෝප නොකරන ආහාර අපේ කෑම වේලට එකතු කරගත යුතුයි.

එමෙන්ම නිරන්තර මත්පැන් පානය කරන පුද්ගලයන්ට, ආහාර ජීරණ පද්ධතියේ දෝෂ මෙන්ම මලබද්ධය ඇති පුද්ගලයන්ට අත පය හිරිවැටීම් ඇති විය හැකියි. ලේ දූෂිතවීම අතපය හිරිවැටීම් රෝගයට ඉතාම තදින් බලපානවා. එවැනි පුද්ගලයන් සම්බන්ධ ලක්ෂණ පහළ වනවිට ඉතාම සැලකිලිමත් විය යුතුයි.

නිවැරදි ප්‍රතිකාර

අතපය හිරිවැටෙන විට අප බොහෝ වෙලාවට ප්‍රතිකර්මයක් ලෙස කරනු ලබන්නේ තෙල් ටිකක් ආලේප කර අතගෑමයි. එහෙත් මේ රෝග තත්ත්වය එසේ සුව කළ හැක්කක් නෙවෙයි. ශරීර අභ්‍යන්තරයට ද ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.

විශේෂයෙන්ම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග මූලිකව ප්‍රකාශ වන්නේ ඇඟිලි හිරිවැටීමයි. යමක් එක දිගට අල්ලා ගෙන සිටීමට නොහැකි වීම, හිස පීරීමට නොහැකි වීම, අතට ගත් දේ බිම වැටීම වැනි ලක්ෂණ පෙන්වන විට මෙය හිරි වාතයක් ලෙස සලකා නොසලකා නොහැර පිළිගත් වෛද්‍යවරයෙකුට වහාම පෙන්වා ප්‍රතිකාර ගත යුතුයි.

ඇඟිලි හිරිවැටීම යනු පක්ෂාඝාත (අංශබාග) රෝගයක මුල් අවස්ථාව විය හැකියි. පක්ෂාඝාත රෝගය
ඇතිවීමට පෙර දින කීපයක් ඇඟිලි හිරි වැටී තිබීම බොහෝ විට රෝග ලක්ෂණයක් සේ ප්‍රකට වෙනවා. ඊට ප්‍රතිකාර ගැනීමෙන් පක්ෂාඝාත තත්ත්වය මගහරවා ගත හැකියි.

දියවැඩියාව

දියවැඩියාව වැනි රෝගයක් ඇති විට රුධිරයේ සීනි මට්ටම වැඩිවන විට ක්‍රමයෙන් අතපය හිරිවැටීම් තත්ත්ව ඇති වීම වැළැක්විය නොහැකියි. සංවේදනා නොමැතිවීමෙන් අතපයවලට වන හානිය වැඩියි. ක්‍රියාකාරිත්වය දුර්වලවෙනවා. ඊට හේතුව ස්නායුවල ක්‍රියාකාරිත්වය දුර්වලවීමයි. එවැනි රෝගීන්ට හිරිවැටීමට ප්‍රතිකාර කරන අතරම රුධිරයේ සීනි මට්ට්ම අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි.

දියවැඩියා රෝගියකු නිසැකවම තම පාද පරීක්ෂාව කළ යුතුයි. කකුල් හිරි වැටුණු විට කකුලේ සිදුවන තුවාල පිළිබඳ සංවේදනා දැනෙන්නේ නැහැ. එවැනි තුවාල ඔඩුදුවා කකුල් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා වාර්තාවෙනවා. එවැනි රෝගීන් පාද සම්බන්ධව දැඩි අවධානයකින් පසුවීම වැදගත් වෙනවා.

වෛද්‍ය උපදේශයෙන් තොරව වැරදි ප්‍රතිකර්ම නොකිරීමට මේ අවස්ථාවල වගබලා ගත යුතුයි. උදාහරණයක් විදියට දියවැඩියා රෝගීන්ට ඇතිවන හිරිවැටීම්වලදී තද රස්නයෙන් සිදුකරන තැවීම් වැනි ප්‍රතිකාර ඉතාම අහිතකරයි.

වෙනත් රෝග

වාත රක්ත රෝගීන්ට අතපය හිරිවැටීමට ඉඩ තිබෙනවා. එවිට ඔවුන්ට වාත රක්තය හරහා අවශ්‍ය නිශ්චිත ප්‍රතිකාර කළ යුතුයිව්. අක්මා රෝගියකුගේ අතපය කකුල් හිරිවැටිය හැකියි. එවැනි අයට ඒ සඳහා ගැළපෙන ඖෂධ ලබා දිය යුතුයි. වෛද්‍ය නිර්දේශයක් මත ලැබෙන තෙල් ගැල්විය යුත්තේ ඒ සමඟයි.

රුධිර පීඩනය අඩු හෝ වැඩි වනවිට ලැබෙන රුධිර සැපයුම් තත්ත්ව යටතේ ස්නායු ආවේග ගමන් කිරීමට බාධා ඇතිවෙනවා. රුධිරගත මේදය බලපානු ලබන්නේ රුධිර පීඩනය කෙරෙහියි. එබැවින් අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය මෙන්ම රුධිරගත මේදය ද අත් පා හිරිවැටීම්වලට බලපානවා. ශරීරයට නිසි ව්‍යායාම නොමැති වීමද අතපය ක්‍රියාකාරිත්වය දුර්වල වී හිරි වැටීම් ඇති කරවනවා.

අපේ පැරැන්නන් අතර අත පයේ තල තෙල් හෝ මී තෙල් ටිකක් ගා සම්බාහනය කිරීමේ සම්ප්‍රදායක්
පැවතුණා. එම සම්ප්‍රදාය අද දක්නට නැහැ. අතපය හිරිවැටීමේ තත්ත්ව සුලබ වීමට මෙවැනි පුරුදු අප අතරින් ඉවත්වී යෑමත් හේතුවක් විය හැකියි. අතපය හිරිවැටීම ඇතිවන විට ඊට හේතු වන රෝග තත්ත්වය සොයා ප්‍රතිකාර කළ යුතු වන්නේ ඒ නිසායි.

ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු නොකිරීම

ශරීර අභ්‍යන්තරය පිරිසිදු කළ යුතුයි. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ එන බඩ විරේක කිරීම එවැනි
අභ්‍යන්තර පිරිසිදු කිරීමයි. බඩ විරේක කියන්නෙ හුදෙකලා ප්‍රතිකර්මයක් නොවෙයි. විරේක කිරීමට පෙර රුධිරය පිරිසිදු වන රක්ත ශෝධක ඖෂධ ප්‍රතිකාර කරනු ලබනවා. ලේ පිරිසිදු කිරීම සඳහා කසාය වර්ග ආහාර වර්ග භාවිත කරනවා.

සරල ප්‍රතිකාරයක්

ඉස්සර අපේ මිනිසුන් වතුර බීවේ පොල්කට්ටෙනුයි. මැටි කළේ වතුර පොල්කට්ටෙන් බොනවිට පොල්කට්ටේ ඇති සමහර රසායනිකයන් අපේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීමට හේතුවුනා.

අපි තැඹිලි සහ වෑවර පානය කරනවා. ළපටි වෑවරයේ වෑවරවල ඇති කහකඩය ස්නායු දුර්වලතා ඇති අයට ඉතාම ගුණදායකයි.

අමු පොල් ලෙලි මඳ රස්නයෙන් හිරිවැටීම් ඇති ස්ථාන තවන්න පුලුවන්. මී තෙල්, තල තෙල් ගෙන කපුරු පෙති කීපයක් යොදා රත්කර සම්බාහනයෙන් අපහසුතා යම් දුරකට මඟහරවා ගත හැකියි. නමුත් මේවා නිශ්චිත ප්‍රතිකාර නොවන බවත් පවතින තත්ත්වය ඒ අවස්ථාවේ දී සමනය කරගත හැකි සරල ප්‍රතිකාර බවත් සැලකිය යුතුයි.

ඔබට කියන්න තියෙන්නේ අතපය හිරිය සම්බන්ධව ප්‍රතිකාර ගැනීම සඳහා කිසිදු බියක් සැකයකින් තොරව පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යන ලෙසයි. ඔවුන් මෙම රෝගය සමනය කළ හැකි නිශ්චිත ප්‍රශස්ථ ප්‍රතිකාර ඇති බව අවධාරණය කළ යුතුයි.

-උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top