මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරකින් අවසන් ගමන් ගිය, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරුණා.
ඒ මාකොළ නෙල්ලිගහවත්ත සුසාන භූමියේදී.
මේ අතර එම අනතුරෙන් තුවාල ලද ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳගේ සහෝදරයා ද අද දින අවසන් ගමන් ගොස් තිබෙනවා.
ඔහුගේ දේහය සඳුදා දින කොළඹ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන බව සඳහන්.