අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයෙන් ගමන් ඇරඹූ සිය මගී ගුවන් යානයක ඇති වූ හදිසි තත්වයක් ගැනයි මේ කතාව..
එම යානයේ වැසිකිළි බොහොමයක් ප්ලාස්ටික් බෑග්, රෙදි කැබලි හා ඇඳුම් එබීම හේතුවෙන් අවහිර වී තිබීම නිසා යානය ආපසු හරවාගෙන ආ බව ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන ‘එයාර් ඉන්ඩියා’ ගුවන් සේවය විසින් නිවේදනය කර තිබෙනවා...
ඉකුත් 05 වැනිදා චිකාගෝ නගරයේ සිට ඉන්දියාවේ දිල්ලි අගනුවර දක්වා පියාසර කරමින් තිබූ මගීන් 300ක් පමණ දෙනා ගමන් ගත් එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් අංක 126 දරණ ගුවන් යානය පැය දෙකක කාලයක් පියාසර කිරීමෙන් අනතුරුව මෙසේ නැවත චිකාගෝ ගුවන් තොටුපළ වෙත හරවාගෙන පැමිණ තිබෙනවා..
මෙම තත්ත්වය මත අදාළ ගුවන් යානයේ ගමන්ගත් මගීන් සියලු දෙනා අසීරුතාවයට පත්ව සිටි බව වාර්තා වී තිබෙනවා..
පැය 14ක ගුවන් ගමනක් අතරතුර ගුවන් මගීන්ගේම නොසැලකිලිමත්කම හේතුවෙන් යානයේ වැසිකිළි අවහිර වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතත් මගින් විසින් යානය ආපසු හරවාගෙන යෑම සම්බන්ධයෙන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති බව වාර්තා වී තිබෙනවා..
මෙම සිදුවීමෙන් පසු ඉන්දියානුවන් වැඩි දෙනකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැසිකිළි භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් සංවාදයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා..
දිවයින පුවත්පත ඇසුරෙන්..