ගොයම් කපන (භූතයා) යන්ත්‍රයක් ට්‍රැක්ටරයක ටේරලය මත සිට බිමට බෑමට උත්සාහ කිරීමේදී පෙරලීම නිසා අයෙකු මරණයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් එහි රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිගම පොලිසිය පවසන්නේ.
ඔහු වැලිගම, වැලිපිටිය, මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයෙක්.
වැලිපිටිය, බෙරලෑලිය, රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන යන්ත්‍රය ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් වැලිගම, වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.