ගොඩක් වෙලාවට අපේ ආහාර සංස්කෘතිය අනුව අපි දවසට තුන්වේලක් කෑම ගන්නවා..
උදේ , දවල් , රෑ අපි කන මේ ආහාර වේල් නිවැරදි වෙලාවටම ගන්න එක වැදගත්..
ඒත් ගොඩ දෙනෙක් වෙලාවට කෑම කන්නේ නෑ කියන එක අමුතුවෙන් ආයේ ආයේ කියන්න ඕන නැහැ නේ.. ඒත් ඇත්තටම අපි හරියටම කන්න ඕන වෙලාවක් තියනවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
උදේ කෑම කන්න ඕන කියන්නේ උදේ නැඟිටලා පැය භාගයක් ඇතුළතයි.. අඩුම තරමේ උදේ 6.30ට වත් නැඟිටලා 7 වෙන්න කලින් උදේ කෑම කන එක වඩාත් සුදුසු බවයි එයින් කියන්නේ.. ඒ වගේම පුළුවන් තරම් ප්‍රෝටීන් සපිරි ආහාර උදේ කෑම වේලට එකතු කර ගන්න එක වටිනවා....
ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස් හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ගණයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළකීමටත් එයට හේතුවන බව මේ නවතම අධ්‍යයනයේදී අනාවරණය වී තියනවා...
මෙම අධ්‍යයනයට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල වන සිය උදෑසන ආහාරය නොගෙන සිටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්ත ද එම තත්ත්වයෙහි වෙනසක් ඇති වන්නෙ නෑ....
එයට අනුව අඩුතරමේ උදැසන 9.30 ට පෙර සිය උදෑසන ආහාර වේල ගැනීමෙන් අයකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන්ගේ කාර්යශීලී බව වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ගණයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් එය හේතුවක් වෙනවා.. එසේම ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයන්ගෙන් 1/3 ක් පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරින බව වාර්තා වෙනවා..
වෙනත් අධ්‍යයනවලදී ද අනාවරණය වී ඇත්තේ උදෑසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි.. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදෑසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස යොදා ගත හැකි බවයි..
ඔවුන් දහවල් ආහාරය ගැන කියන්නේ මේ වගේ දෙයක්. දහවල් ආහාරය ගන්න හොඳම වෙලාව තමයි දහවල් 12.45.. ඒ කියන්නේ උදේ ආහාරයෙන් පැය හතරකට පස්සෙ තමයි දහවල් ආහාරය ගන්න කියලා කියන්නෙ.. ඒ වගේම දහවල් ආහාරයෙන් පැය භාගයක්වත් යනතුරු අසුන් ගැනීමෙන් වළකිනවා නම් හොඳයි කියලත් ඔවුන් කියනවා...
රාත්‍රි ආහාරය ගන්න හොඳම වෙලාව තමයි රාත්‍රි 7.00. ඒ වගේම රාත්‍රි ආහාරය සහ නින්දට යෑම අතර පැය තුනකවත් පරතරයක් තියෙන්න ඕනේ.. රාත්‍රි ආහාරය ලබා ගත්ත ගමන් නින්දට යෑම ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා.. ඒ වගේම හොඳ නින්දක් ලබා ගන්න නම් අඩුම තරමින් රාත්‍රි ආහාරයෙන් පසු පැය තුනක් විතර විවේකීව ඉන්නත් ඕනේ...