Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
ගැටපොලොස් ගෙඩියෙන් මේ වගේ දෙයක්.. ප්‍රතිශක්තිය වඩවන ඉපැරණි ඖෂධීය කැඳ වට්ටෝරුවක් මෙන්න..

- ගැටපොලොස් ගෙඩියෙන් මේ වගේ දෙයක්.. ප්‍රතිශක්තිය වඩවන ඉපැරණි ඖෂධීය කැඳ වට්ටෝරුවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45 Views
අතීතයේ මෙවැනි ඖෂධීය අගයෙන් පිරිපුන් ආහාර නිරන්තරයෙන් පරිභෝජනය කළ ජාතියක් නිරෝගීව සිටිය එක ගැනත්, මෙම ආහාර ජීවිතයෙන් දුරස් කරගත් එම ජාතියම අද ලෙඩ ඇඳට වැටී ඇති එක ගැනත් ඇත්තටම අපි පුදුම විය යුතු නැහැ..

ඒ නිසා අපි අද කළ යුත්තේ අපේ වැරදි ආහාර සංස්කෘතියට තිත තබා මෙවැනි වටිනා ආහාර අපේ ජීවිතයට නැවත ලංකර ගැනීමයි..

දිගු නිරෝගිමත් ඉතිහාසයක් හිමි අපට අතීත රජ දවසෙහි පටන් බාල, තරුණ, මහළු කොයි කාටත් එකසේ ගුණ දෙමින් අපේ නිරෝගීකම ආරක්ෂා කර දුන් සුවිශේෂී රහස් කැඳ වට්ටෝරුවක් ගැනයි මේ කතාව..

අපේ කොස් ගහේ හැදෙන ගැටපොලොස් ගෙඩියෙන් මෙතරම් ගුණදායක ඖෂධීය ආහාරයක් හදාගන්න පුළුවන් කියලා ඔබ කිසිම දිනයක හීනෙකින්වත් හිතලා නැතුව ඇති.. අතීත වෙදැදුරන් විසින් සිංහ තෙලක් රන් බඳුනක බහාලන්නා සේ මෙම ඖෂධීය ආහාර වට්ටෝරුව සිංහල වෙදකමේ පත පොත තුළද ග්‍රන්ථාරූඩ කිරීමට කටයුතු කර ඇත්තේ මෙන්න මේ ආහාරයේ ගුණ එතරම්ම වැඩි නිසයි..



අපගේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවා ගැනීමටත්, බටහිර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් ඇතිවන සංකූලතා මඟහරවා ගැනීමටත්, ලෙඩක් හැදුන විට ඇඟේ ඇතිවන දුර්වලතා අපහසුතා නැති කරගැනීමටත්, බඩ හා පපුව දැවිල්ලටත්, ලිංගික බෙලහීනතාවයටත් මෙම විශ්මය ජනක ගැට පොලොස් කැඳ කෝප්පය ප්‍රමාණවත්...

ගැට පොලොස් කැඳ සාදන ආකාරය...
අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගැටයක් (උයන පදමට ඇති)
කැකුළු හාල් ටිකක්
කරපිංචා ටිකක්
අමු ඉඟුරු කෑල්ලක්
සුදුළූණු බික් කිහිපයක්
මිටි කිරි පීරිසි කෝප්පයක්
වතුර ටිකක්

සාදාගන්නා ආකාරය

පළමුව උයන පදමට ඇති පොලොස් ගැටයක් හීනියට ලියාගෙන මැටි භාජනයකට දමාගන්න. එයට අවශ්‍ය පමණට කැකුළු හාල් ටිකක්, කරපිංචා, අමු ඉඟුරු, සුදුළූණු හා වතුර එකතුකර ලිප තබන්න. ගානට මෙය තැම්බීගෙන එනවිට එයට මිටි කිරි පීරිසි කෝප්පයද එක්කරන්න.ඉන්පසු ටික වෙලාවක් හොඳින් හැඳි ගා ලිපෙන් බාගන්න. (අවශ්‍ය කැඳ ප්‍රමාණය අනුව මෙම අගයන් අඩුවැඩි කරගන්න.)
ඔබට අවශ්‍ය පරිදි සකසාගත් මෙම කැඳෙහි ඇති කැඳ පීරිසි කෝප්ප ප්‍රමාණය මැනගෙන කැඳ පීරිසි කෝප්ප 01කට දෙහි ඇඹුල් තේ හැඳි 01 ක් බැගින් වැටෙන සේ මෙයට දෙහි ඇඹුල් එකතුකරගන්න. ඉන්පසු පිරිසිදු කිතුල් හකුරු කැබැල්ලක් සමඟ උදේ හිස් බඩට මෙම පොලොස් කැඳ පානය කරන්න.
මෙම කැඳ එක සතියකට දෙතුන් වරක්වත් පානය කරන්න. එවිට ඔබට මෙයින් ලැබෙන සුවිශේෂී ගුණය නොඅඩුවම ලැබේවි.
ඒ විතරක් නෙවෙයි ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන අයට මෙම කැඳ එකටම තවත් ඔසු වර්ග කිහිපයක් එකතු කිරීමෙන් සුවිශේෂී ගුණ ලබාගත හැකියි. ඒ සඳහා පිළියෙල කරමින් පවතින මෙම කැඳ එකටම විෂ මාරනය කරන ලද (විස මරාගත්) කංසා පිටි තේ හැඳි 02 ක්, විස මරාගත් වඳුරු මෑ ඇට පිටි මේස හැඳි 02 ක්, අමුක්කරා පිටි මේස හැඳි 02 ක්, වියළි ඉඟුරු පිටි තේ හැන්දක් මිශ්‍රකර පදමට රත් වූ පසුව ලිපෙන් බාගත යුතුයි. ලිපෙන් බාගත් මේ කැඳ එකේ යන්තම් රස්නය තිබියදීම එයට පිරිසිදු මී පැණි මේස හැඳි 04 ක්, පිරිසිදු එළඟිතෙල් මේස හැඳි 02 ක් මිශ්‍රකර හිස්බඩ පානය කළ යුතුයි. දින කිහිපයක් මෙම සුවිශේෂී කැඳ ප්‍රතිකාරය ලබා ගැනීමෙන් ලිංගික බෙලහීනතාවය පහසුවෙන් දුරුකගන්න පුළුවන්.



මුහුණුපොත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top