Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
කොහිල අලේ නොදුටු බලේ ගැන දැනගන්න කැමතිද..?

- කොහිල අලේ නොදුටු බලේ ගැන දැනගන්න කැමතිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
මෙය ඉතාමත් රසවත් ආහාරයක්.. ඒ වගේමයි එහි ඇති ගුණ.. මොනවා ගැනද මේ කියන්න යන්නේ..?

කොහිල අල, ලංකාවේ බොහෝ දෙනා දන්නා මේ රසවත් ආහාරය උෂ්ණ වියළි, උෂ්ණ තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයක්... කොහිල ඖෂධයකට වඩා ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වෙනවා.. කොහිලවල ප්‍රභේද කිහිපයක් පවතිනවා..

01). කිරි කොහිල
අල හොඳින් තැම්බේ. තැම්බූ පසු පිටි මෙන් මෙලෙක් බවක් ඇත. රසවත් ය. බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙම වර්ගයයි.

02). ගුරු කොහිල
රසයෙන් අඩුයි. අල විශාලව සෑදේ. තැම්බීම අඩුයි. පිසීමේදී හයිය ගතියක් ඇත. කිරි කොහිල තරම් රුචිකාරක නොවේ. වගුරු බිම්වල හොඳින් වැවේ.

03). වැල් කොහිල
දිරාගිය ගස්, පොතු, ගල්තලා හෝ ගස් වලට පහුරු වලින් බැඳී වැවේ. බිම දුවන අවස්ථාද දක්නට ඇත. එහෙත් ජලාශ්‍රිතව සාරවත්ව වැවේ.

04). කළු කොහිල
කොළ මෙන්ම අල ද විශාලය. කොළ මතුපිට දඬු හා අල වල තද කොල (කළු) පැහැයක් දක්නට ලැබේ.

05). ගොඩ කොහිල
රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනෙක් ප්‍රභේද වලට වඩා ඉදිරියෙන්ම සිටී. නමුත් මෙම වර්ගය සොයා ගැනීමට දුර්ලභ ය.

ව්‍යංජනයක් ලෙසටත්, සම්බෝලයක් ලෙසටත්, ඖෂධයක් ලෙසටත් වැඩි පෝෂණයක් ලබාදෙන කොහිල අපේ ආහාරයට නිරතුරුවම එකතුකරගත යුතුම එළවළුවක්.

කොහිල අල සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය :-
• කොහිල අල 200g ක්
• අමුමිරිස් කරල් 03 ක්
• දෙහි ගෙඩි 02 ක්
• තක්කාලි ගෙඩි 01 ක්
• ලුණු, ගම්මිරිස් (රස අනුව)
• රතුළූණු ගෙඩි 05 ක්
සාදන ක්‍රමය :-
කොහිල අලවල පොතු ඉවත්කර සෝදා සිහින්ව කොටු හැඩයට ලියා ලුණු මිශ්‍ර ජලයේ දමා මිරිකාගන්න. බඳුනක් ගෙන එයට පොල්, ලුණු, ගම්මිරිස්, දෙහි දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් එම බඳුනට සිහින්ව කපාගත් කොහිල අල, තක්කාලි, අමුමිරිස්, රතුළූණු දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙම සම්බෝලයට උම්බලකඩ කුඩු ටිකක් එක් කිරීමෙන් වැඩි රසයක් ලබාගත හැකිවේ.
-කොහිල අල මෙන්ම දළු ද කැඳ සෑදීමට යොදා ගනී.
-අච්චාරු සැකසීමේදී ද අමතරව සිහින්ව ලියාගත් කොහිල අල එකතු කිරීමෙන් අච්චාරු රස තවත් වැඩිකරගත හැකියි.

ලේ ගලන අර්ශස් සඳහා

ලේ ගලන අර්ශස් (රක්තාර්ශස්) අතීතයේදී වැළඳුනේ වැඩි වශයෙන්ම අවුරුදු 40 ඉක්මවූ අයට ය. එහෙත් දැන් මෙම රෝගය වැළඳුන තරුණයන් සම්බන්ධයෙන් ද වාර්තා වී ඇත. මෙම අසනීපය සමනය ගැනීම පිණිස ආයුර්වේදයේදී ඉතාම ප්‍රත්‍යක්ෂ කොට සලකනු ලබන්නේ කොහිල පැලෑටි මූල් ය.
කොහිල කැඳ විශේෂයෙන්ම අර්ශස් රෝගය සඳහා ගුණදායකම ඖෂධයකි. මලබද්ධය ඇති අයට කොහිල කැඳ ඉතා ගුණදායකය.
තවදුරටත් කොහිල අල රතුළූණු ගෙඩි කිහිපයක් එකට දමා කොටා.එළඟිතෙල් සමඟ කෑමට ගැනීම අර්ශස් රෝගයට ගුණදායක වේ.

කොහිල වල ඖෂධීය ගුණ

විශේෂයෙන්ම අර්ශස් රෝගීන්ට ගුණදායකය
අක්මාවට හිතකරය
මෙම අලවල මෙන්ම දළු වල ඇති තන්තුමය කෙඳි නිසා මල පිටවීම අතිශයින්ම පහසු කරයි.
බඩවැල තුල ඇති විෂ හා බඩවැලේ හටගත් විවිධ ලේ දෝෂ නසයි.
බොහෝවිට කොහිල අල අජීර්ණ, අතීසාර ආදී රෝග වලදී ද ආහාරයට එකතු කරගනී.
ශීත ගුණයෙන් යුක්ත අතර කසට හා මයුර රස යුක්තය.
රුචි කාරකයි. බඩගිනි වඩවයි.
ශරීරය මහත් කරයි. (තර කෙරෙයි)
ශුක්‍ර දාහය සමනය කරයි.
වා, සෙම් නාසක ගුණ ඇත.



අන්තර්ජාලය ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top